කඩොලාන අක්කර 8 ක් නිවාස තැනිමට ???

0
53

මීගමුවේ කඩොලාන රක්ෂිතය අද වේගයෙන් ක්ෂය වෙමින් තිබේ.මීගමුව කලපුවේ හදවත බදු වු මෙම කලාපයෙන් අක්කර 8 ක් කපා විනාශ කර නිවාස තැනිමට ඉඩලබාදිමට ආණ්ඩුවේ දේශපාලනඥයෙක් කටයුතු කරමින් සිටි.මෙම අක්කර 8 සදහා මහ පෙරෙත බැල්ම වැටෙන්නට පටන් ගත්තේ අද ඊයෙක නොවේ.

විශේෂයෙන්ම සුනාමියෙන් පසු නිවාස තැනිමට සුදුසු ඉඩම් සෙවිමේ කටයුත්තේදි මේ අක්කර 8 ට දේශපාලන ඇස යොමුව තිබුනද එදා මීගමුවේ සිටි ප්‍රතිපත්ති ගරුක නිලධාරින් පිරිසක් නිසා ඒ විනාශය වැලකි ගියේය.එකල සිටි සහකාර ප්‍රාදේශිය ලේකම් සුනිල් පෙරේරා මහතා ප්‍රමුඛ රාජ්‍ය නිළධාරින් 11 දෙනෙක් විසින් මෙම ඉඩම සංවේදි පරිසර කලාපයක් විසින් නම්කර තිබිම එයට හේතුවයි.

එහෙත් මීගමුවේ කපටි දේශපාලකයන්ටම ගැලපෙන  ප්‍රාදේශිය ලේකම් වරයෙකුගේ පැමිණිමෙන් පසු යළිත් මෙම ඉඩම දේශපාලකයන්ගේ අතට පත්විමේ අනතුර වැඩිවිය.ශාන්ත මුහන්දරම් නම් වු එකි ප්‍රා.ලේකම්වරයා වරෙක පවසා තිබුනේ මේ ඉඩම මුඩු බිමක් කියාය.

ලංසා පාලනය යටතේ කලපු ජලය පිරිපහදු කර පානිය ජල ව්‍යාපෘතියක් ඇති කිරිම සදහා අවශ්‍යයැයි කි වැඩසහනක් වෙනුවෙන් පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රිවරැන් දෙදෙනෙක් විසින් අක්කර 8 ක කඩොලන විනාශ කර තිබුණි.

එහෙත් ඒ අයට එරෙහිව නිතිමය පියවරක් ගැනිමට ප්‍රාදේශිය ලේකම්වරයා පියවර ගත්තේ නැත. මීගමුවේ එක්තරා පරිතන ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙක් වරක්  මේ ඉඩම ගැන පවසා තිබුනේ මෙහි ඇත්තේ කඩොලාන නොව මණ්ඩා බවය.

මණ්ඩා යනු කඩොලාන විශේෂයක් වන බව මේ දේශපාලකයා නොදන්නවා වන්නට බැරි නැත. හේතුව ඔහු ජිවත්වන්නේද කඩොලාන කලාපයකය.

මෙම ඉඩම රක්ෂිතයක් ලෙසින් නම් කිරිම සදහා සියළු කටයුතු සිදුවෙමින් තිබියදි ශාන්ත මුහන්දිරම් නම්වු

ප්‍රාදේශිය  ලේකම්  දේශපාලන ගැතිභාවයන් හේතුවෙන් එය වැලකි ගියේය.

දැන් යළිත් මේ ඉඩම අනතුරට වැටෙන ලකුණු පෙනෙන්න තිබේ.ඒ මීගමුවේ ඉඩම් අහිමි ජනයා වෙනුවෙන් එය බෙදා දිමට පියවර ගැනිම සදහා සරත් ගුණරත්ත ඇමැතිවරයාගේ මුලිකත්වයෙන් වැඩපිළිවෙලක් ආරම්භව තිබිමයි.

ඉඩම් අහිමි ජනයාගේ ප්‍රශ්නයට පිළියම් සෙවිය යුත්තේ මීගමුවට ගැලපෙන ඉඩම් භාවිතාව පිළිබද විධිමත් වැඩපිළිවෙලක් යටතේ  මිස සංවේදික පරිසර කලාපයක් බිල්ලට දිමෙන් නොවේ.

ඉඩම් අහිමි ජනයා වෙනුවෙන් කටයුතු කරන මීගමුවේ රාජ්‍ය නොවන සංවිධානද මේ සත්‍යය තේරැම්ගතයුතුව ඇත.