කඩොලාන පරිසරියට ඇත්තටම ආදරෙයිද…?

0
485

මේ දවස්වල කඩොලාන හිටවන පින්තුර වලින් ෆේස් පිටු පිරෙන්න පටන් අරන් . ඇත්තටම හොදයි . මොකද මිගමුවේ හදවත තමයි මිගමු කලපුව .
කලපුවේ හදවත තමයි කඩොලාන පරිසරය .
ඒත් අවසානාවකට මිගමුව පාලනය කරපු සහ දැනටත් පාලනය කරන අය මේව නිවරදිව තේරුම් ගන්න තරම් මොළයක් තියෙන පිරිසක් නෙමේ .
කොමිස් කුට්ටි පේන කොට කන් ඉස්සෙන එයාලට කඩොලාන පරිසරය පේනව ඇත්තේ නගරය කැත කරන කැලයක් වගේ. ඉතින් මේ මැට්ටෝ හිතන්නේ මේ කැලේ කපල දාන්න ඔනා කියල.


මේ කැලේට වඩා ඒ්ක කපල දුප්පත් අයට ගෙවල් හදන්න කියල සල්ලි ටිකක් හොයාගත්තොත් ගෙවල් ටිකකුත් හදල ඊටත් වැඩියෙන් කොමිස් ගහ ගහන්න පුලුවන් කියල තමයි මෙයාලට හිතෙන්නේ .

නිමල් ලංසාගේ කිමට ඒදා කඩොල් අක්කර 8 ක් කපලා විනාශ කළඅන්දම


ඒ් හින්දනේ මිට අවුරුදු ගානකට ඉස්සර වෙලා නිමල් ලංසා මිගමු ජල පිරිපහදු ව්‍යාපෘතියකට කියල කියල ක‌‌ඩොල් අක්කර 8 ක් කැපුවේ .
අණ දුන්නා ඒකා විතරක් නෙමේ කපපු උන්ටත් කිසි හෙනයක් නැ. උන් ඔක්කොම යහතින් තාමත්.
ඒත් ධිවරයෙක් මස් අතු රස්සාවට ක‌ඩොල් අතු කෑල්ලක් කැපුවොත් ලෝක ලෙඩක්.
දේශපලකයො විතරක් නෙමේ මේ කඩොල් කැලෙන් අක්කර 8 ක් කපල ගිනි තියල විනාශ කරද්දි මිගමුවේ ධිවරයෝ වෙනුවෙන් හරි කලපුව වෙනුවෙන් හරි කියල තිබුන කිසිම සංවිධානයක් කිසිම විරෝධයක් පැවේ නැ.
ඒ්ක තමයි තිත්ත වුනත් ඇත්ත.

කඩොලාන ගැන මිගමුව කලපුව ගැන ඇත්ත ආදරයක් මිසක් ව්‍යාපෘති හින්ද කඩොල් හිටවල පොටෝ ගහල සංදර්ශන තියනවා කියන්නේ මහ රැවටිල්ලක්.

මේ අය කඩොලාන පරිසරය රකින්න දිවි හිමියෙන් ප්‍රතිපත්ති ගරුකව පෙනි හිටිනවා නම් ඒක ඇත්තටම ව්‍යාපෘති උවමාන වලින් එහා ගිය ඇත්ත පරිසර කලපු කඩොලාන ආදරයක් වෙන්නම ඔ්නා.
ඒක තමයි ඇත්ත අභියෝගය .

නාමල්



කොහොම හරි ව්‍යාපෘති නැතත් කලපුවට කඩොල්වලට ආදරය කරන ඇත්ත මිනිස්සු අතලොස්සක් තාමත් මිගමුවේ ඉන්නවා . නාමල් කියන්නේ ඒ අයගෙන් ඒක් විරෝධාර චරිතයක් .
ඒයා කවදාවත් විකිණුනෙත් නැ . කලපුව කඩොලාන පෙන්නල පොටෝ ගහල මඩි තරකර ගත්තෙත් නැ

එහෙම පෝසත් වෙච්ච පොරවලුත් මිගමුවේ ඉන්නවා . ඒයාල තාමත් බණ කියනව කියලත් අපි දන්නවා.

කොහොම උනත් විශ්ව විද්‍යාලයේ සිංහ සමාජ ශාඛාවක තරුණ තරුණියෝ පිරිසක් පහුගිය දවසක මිගමුවේ කලපුවේ කඩොල් පැල හිටවල තිබුන. නාමල් කාගෙන්දෝ ඉල්ලගත්තු බෝට්ටුවකින් මේ වැඩේට අතදිග ඇරලම උදව් කරල තිබුණ.
ඉතින් අපේ හෙට දවසේ ඇත්ත අභියෝගය තමයි ව්‍යාපෘති උවමනාවල් වලින් එහා ගිය ඇත්ත ආදරයක් මිගමුව කලපුව, කඩොලාන පරිසරය වෙනුවෙන් ඇතිකරන එක .

ඒක තමයි අමාරුම වැ‌ඩේ.
ව්‍යාපෘති වාර්තාවල් පුරවන්න කියල කඩොල් පැල ගණන් කරල හිටෙව්වා කියල කලපුව රැකෙන්නේ නැ කියල කව්රුත් දන්නවා….ඒ් හින්ද අද මිගමුවට ඔ්න වෙලා තියෙන්නේ ව්‍යාපෘති උවමනාවලට එහා ගිය ඇත්තටම කඩොලාන පරිසරයට හැබෑවට ආදරය කරන ගහැණුන් සහ මිනිසුන් පිරිසක් බිහිකරගන්න එක.
එහෙම වුනොත් විතරක් මිගමු කලපුවත්, කඩොලාන පරිසරයත් රැකේවි….