කඩොලාන වනසන ඉඩම් ගොඩකිරීම පිටුපස සිටින ජා-ඇල දේශපාලකයන් කව්ද ?

0
47

මුතුරාජවෙල කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් නීතිවිරෝධි අයුරින් මහා පරිමාණ ලෙස සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව ගගන වේබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි.

ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මෙම ඉඩම් ගොඩකිරිම සිදුව තිබෙන බවත් ජනාධිපතිවරයා වෙත සිදුකරන්නට යෙදුන කරුණු දැක්විමක් මත අදාල බලධාරින් එම ස්ථානවලට යවා එකි පිරවිම් කටයුතු නතර කර ඇති බවත් වාර්ථා වේ.

 


පරිසරයට සහ ජෛව විවිධත්වයට හානිවන අයුරින් සිදුකෙරෙන අනවසර ඉඩම් ගොඩකිරීම්වලට එරෙහිව පවතින නීති රීති යටතේ උපරිම දඬුවම් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට පෙර ද අවස්ථා කිපයකදිම උපදෙස් ලබාදි තිබියදි මෙසේ ඉඩම් ගොඩකිරිමට මැදිහත්විම් පිටුපස දේශපාලකයන් පිරිසක්ද සිටින බව ප්‍රදේශවාසින් මෙන්ම යහපාලන රජයේ ඇතැම් ඇමතිවරුන්ද කියා සිටිති.
තොරතුරු මුලාශ්‍රය සහ ඡායා – ගගන වෙබ්  අඩවිය