කතරගම වන්දනාවේ ගිය තරුණ පිරිසකට දිවියෙකුගෙන් ප්‍රහාරයක් !

0
139

leopard-angry_1කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්‍රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

මෙලෙස දිවි ප්‍රහාරයෙන් තුවාල ලබා  රෝහල්ගත කර ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

නාවලපිටිය ප්‍රදේශයේ පිරිසක් බස් රථයකින් කතරගම වන්දනාවේ යමින් සිටින අතර ගල්ගේ හන්දිය ආසන්නයේ දී එම කණ්ඩායමේ කීපදෙනෙක් ශාරීරික අවශ්‍යතාවයක් සඳහා බස් රථයෙන් බැස තිබේ.

එම අවස්ථාවේ එම තරුණයාගේ ඇඟ මතට එක්වරම වනයේ සිට දිවියෙක් කඩාපැන ඇති තිබෙන බවත් දිවියාගේ පහරදීමෙන් ඔහුගේ බෙල්ල ප්‍රදේශය තුවාල වී තිබේ.

මෙම සිදුවිමත් සමගින් වනසතුන් ගැවසෙන ප්‍රදේශවලදි ඒ  ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරිමට ඇතැමුන් කටයුතු කිරිම පිළිබදව දෙවරක් සිතා බැලිමට මේ සිදුවිමත් සමගින් බලකර සිටි.
මුලාශ්‍රය – ලංකාදිප