”කතෝලිකයන්ට පල්ලි යන්න එපා කියල ඒ හින්දයි මේ ගැටුම”…පියතුමන් කියයි.

0
111

Catholic-woman-holding-a--011දෙවන සංස්කරණය -පල්ලන්සේන මීසම තුල ඊයේ දිනයේ හටගෙන තිබු ආගමික ගැටුම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පල්ලන්සේන පල්ලියේ ප්‍රධාන පියතුමන් කියා සිටියේ ආගම දේශනා කරන පිරිසක් පැමිණ අපේ පල්ලියට යන්න එපා කියල  ඒ හින්දයි අපේ ජනතාව කලබල  වෙලා තියෙන්නේ. අනික මේ අාගමික කණ්ඩායම් නිසා සමහරක් පවුල්වලත් ප්‍රශ්ණ ඇතිවෙලා මොකද මනුස්සය පල්ලි එනවා ගැනු කෙනා බයිබල් ආගමට යනවා .
ඉතින් පවුල් ප්‍රශ්ණ විසදා ගැනිමට අපහසුවකුත් තියෙනවා.
මේවා ඇත්ත ප්‍රශ්ණ …ඒ අයට පහරදුන්නා කියන කථාව බොරුවක් …පොලිසියට ගිහින් ප්‍රශ්ණය විසදාගත්තා යනුවෙනි  .
මේ අතර මීපුර වෙබ් අඩවිය අමතා කළ නමසදහන් කිරිමට අකමැතිවු  පාසැල් ගුරුවරියක් පවසා සිටියේ සිද්ධිය සිදුවන අවස්ථාවේ සාහයක පියතුමන් එහි නොසිටි බවය.
පහරකෑමට ලක්වු පාර්ශවයේ අයෙක් කියා සිටියේ තම කණ්ඩායමේ සමාජිකයන් දෙදෙනෙකුට පහර දි ඇති බවත් එක් අයෙක් රෝහල් ගතකර ඇති බවත්ය.ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද ඇති බව කියා සිටියේය.
එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ  තම කණ්ඩායමේ කිසිදු සමාජිකයෙකු කතෝලිකයන්ට කිසිම අවස්ථාව පල්ලි යන්න එපා යැයි කියා නැති බවය.
එමෙන්ම පහර දුන්නේ නැතැයි කියන කථාවද අමුලික බොරුවක් බවය.
මේ සම්බන්ධයෙන් තමන් විසින් කළ පොලිස් පැමිණිල්ල විභාග වන අවස්ථාවේදි මේ පහරදිමේ ඇත්ත නැත්ත හෙළිවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.