කතෝලික ජනතාවට විශේෂ නිවේදනය …

0
82
burning-candles-dark-night-background-260nw-1211191837කතෝලික ජනතාවගේ හෙට(02) දිනයේ පැවැත්වීමට නියමිත මළවුන් සිහිකිරීමේ දිනය නිමිති කරගනිමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.
හෙට දිනට නියමිත ආගමික චාරිත්‍ර තම නිවසේ සිට සිදු කරන ලෙසයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පවතින මොරටුව,ජා – ඇළ ,කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස අනිවාර්යෙන් නිවසට වී තම ආගමික චාරිත්‍ර සිදු කරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉල්ලා සිටියි
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල සිටින කතෝලික ජනතාවද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති බවට එම මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.