කතෝලික ජනතාවෙනි ප්‍රවේශම් වන්න ! රාජපක්ෂලාගේ බංකලොත් දේශපාලනය ඉරිදා සිට පල්ලියටත් !

0
83

maxresdefaultරැල්ල බලා රුවල් දමන්නට ගිය කාර්දිනල් හිමි මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව තිබේ. ඒ පසුගියදා ජාඇල පැවැති දේව මෙහෙයක් අතරතුරේදි බටහිරට එරෙහිව මානව හිමිකම් ගැන කිමට යාම හේතුවෙනි.
දැන් එයට දැවැන්ත ප්‍රතිචාරයක් මේ වන විට විවිධ වේදිකාවන් මතින් එල්ල වෙමින් තිබේන අතර එහි වඩාත් ප්‍රබලතම ප්‍රකාශවිම දැන් විද්‍යාමාන වන්නේ සමාජ මාධ්‍ය තුලිනි.
කාර්දිනල් හිමිගේ මේ මානව හිමිකම් විරෝධි ප්‍රකාශය ගැන ලංකාවේ දේශපාලකයන් අතර ශක්තිමත් කොන්දක් ඇති සිය දේශපාලනය ස්ථාවරවය සැමදා නොවලහා පවසා සිටින මංගල සමරවිර ඇමතිවරයා ඉතාමත් නිවරදි ආකාරයෙන් පසුගියදා  සමාජ ගත කොට තිබුණි.
දේශපාලනය තුල පසුගිය දිනවල නන්නත්තාර වෙමින් සිටින රාජපක්ෂලා සහ ඔවුන්ගේ සුකිරිබටිල්ලන් වන මානව හිමිකම් වලට කිසිදා ගරු නොකළ අරුන්දිකලා ලංසාලා දැන් කෑමොර දෙන්නට පටන් ගෙනය.
ලංකා ඉතිහාසයේ මානව හිමිකම් වලපල්ලට ගියේ රාජපක්ෂ යුගයේදි බව නොදන්නා කෙනෙක් දැන් නැත. එදා ඒ ගැන ප්‍රසිද්ධියේ කථා කොට මානවහිමිකම් කෙසේ වෙතත් කිතුණු ආගමික හරයන් මත යමින් හෝ සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කළ යුතුව තිබුන කාර්දිනල් හිමි දැන් අවස්ථාව එළඹෙන විට වීරයාට අදින්න බලා විවිධ ප්‍රකාශයන් සිදුකරමින් සිටින බව පසුගිය කාලය තුල කළ හැකිව තිබුණ පොදු නිරික්ෂණය වේ.
මානව හිමිකම් කෙසේ වෙතත් මානව විරෝධි ක්‍රියාකරම් වල නිරත අයෙකු ලෙස අති ප්‍රසිද්ධියට පත්ව නමට ඉදිරියෙන්  විශේෂණ පද පවා එල්ලාගැනිමට සිදුව ඇති නිමල් ලංසා දැන් කියන්නේ ලබන ඉරිදා සිට පල්ලිවලට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය රිංගවන අන්දම ගැනය.
මංගල ඇමතිවරයාට අභියෝග කරමින් හෝ සිය නන්නත්තාර වෙමින් යන අශික්ෂිත මානව විරෝධි දේශපාලනය පල්ලිය ඇතුළට කැදවිමට දැන් ලංසාලා පිඹුරුපත් සකසමින් සිටිති.
මේ රටේ මානව හිමිකම් ගැන කථාකරන්නට කිසිදු අයිතියක් නැති මහින්දලා දැන් විරයන් වන්නට යන්නේ මේ කාර්දිනල් හිමිගේ ලෝගුවේ එල්ලිගෙනය
මාධ්‍යවේදින් 44 දෙනෙකුට ජිවිත අහිමිකළ රාජපක්ෂලා දැන් මේ කතාකරන්නේ මානව හිමිකම් ගැනැදැයි කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්ණ කිරිමට කාලය එළඹ ඇත.