කතෝලික ජනතාව මේ සිදුවීම දරාගැනිම විශාල ශක්තියක් වුණා.සිස්වාන් කෘෘස් පියතුමා

0
343

DSC_0454මීගමුව  කටුවපිටිය දේවස්ථානයේදී පසුගිය 21 වනදා සිදුවූ බෝම්බ පිපිරීමේ ඛේදවාචකයේ පීඩාව කිතුණු ජනතාව විදදරාගත් ආකාරය කිසිසෙත් නොතකා හැරිය නොහැකි බවත් චතාරික සමයෙන් ඔවුන් ලැබූ අධ්‍යාත්මික ශක්තිය මේ මොහොතේදී බලපෑ බවත් සිස්වාන් කෘස් පියතුමා ඊයේ පැවති සර්ව ආගමික රැස්වීමේදී ප්‍රකාශ කරන ලදී.
ඒ වගේම මෙම විපතින් පසු දේවස්ථාන තුළ ප්‍රසිද්ධ  දේවමෙහෙයන් නැවත්වීමට සිදුවූ නිසා කතෝලික ජනතාව ප්‍රාදේශීය වශයෙන් ඇමතීමට අවස්ථාවක් නොලැබීමද  මේ මොහොතේ අපට ගැටළුවක් වූ බවත් මේ තත්ත්වය දරාගැනිමට ශක්තිය ජනතාවට ඉල්ලා  සිටින  බවත් පියතුමා වැඩිදුරටත් සදහන් කරන ලදී.