කතෝලික ජනයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු ලංසාට ආශුගෙන් බරඅවි ප්‍රහාරයක් !

0
70

NImal lansa denguපාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා මේ දිනවල කතෝලික ජනතාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් සුදානම් තරමේ ආවේශයක් ගෙන තිබේ.
ලංසා මේ අයුරින් ආවේශ වන්නට පටන් ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුල දේශපාලන වශයෙන් දැවැන්ත පිරිහිමකට ලක්ව නන්නත්තාර වෙමින් තිබිම නිසාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් ඔහුට කිසිදු පදනමක් නැති තරම්ය.
අතිබහුතරයක් පොහොට්ට් සංවිධායකයන් ඔහු හා අමනාපය.
මහින්දගේ දෙසට සිග්නල් දමා මෛත්‍රි දෙසට හැරවු නිමල් ලංසා අවසානයේ නැවතුනේ ඇමතිකමක්ද අරගෙනය.
ඒ මහා පාවාදිම් හරහා බිදවැටෙන්නට පටන් ගත්ත නිමල් ලංසාගේ දේශපාලන පදනම් පොහෝට්ටුවේ මන්ත්‍රිවරුන් විසින් දැන් තහවුරුකොට ගෙන ස්ථාවර වෙමින් තිබේ.
ඉන්දික අනුරුද්ධ ඔහු හා අමනාපය. ආන්නද හරිස්චන්ද්‍රද ඉන්නේ ලංසා සමගින් හොදින් නොවේ. මහින්දට සමිප පවුල් හිතවත්කම් පවා ඇති ජේෂ්ඨයෙකු වන සරත් ගුණරත්නද දැන් ලංසාල සමගින් සිටින්නේ හිත නොහොදින්ය.
ජාඇල මෙරිල් පෙරේරාද ලංසාලව දැන් ගනන් ගන්නේ නැත. ජේෂ්ඨ දේශපාලකයෙකු ව නීල් රූපසිංහට ලංසාව පේන්නට බැරිය.මේ අනුව මේ අවට සියල්ලෝම ලංසා සමගින් තරහය.
සැබැවින්ම නිමල් ලංසාට දේශපාලනයේ කේන්ද්‍රය වන්නේ ජනයාට සහන ලබාදෙන සංවර්ධනාත්මක ප්‍රවේශයක්නොව සිය පවුලේ ආර්ථිකය තහවුරු කරගැනිම සදහා හැකි මන් සෙවිමටය.පසුගිය පලාත් පළාන මැතිවරණයේදි  මිගමුවේදි අන්ත ලෙසින් පරාජයට පත්වුවද මුස්ලිම් ජනතා නියෝජිතයන්දෙ තවත් ස්වාධින කණ්ඩායම්ද අටවාගෙන කෙසේ නගර පාලනය පිහිටුවන්නට යෙදුනේ අන් කිසිවකටවත් නොව සිය පියා වෙනුවෙන් බිච් පාක් දිගටම ලබාගැනිම සදහාමය.තිත්ත ඇත්ත එයයි.
මැතිවරණ පරාජයක සොහොන් ලකුණු පෙනෙමින් ඇති නිසා දැන් ලංසාට අමාරුවෙන් හෝ හැරෙන්නට සිදුව ඇත්තේ කතෝලික ජන්ද දෙසට පමණි. ඒ නිසාම කුණුහරුප පවා කියන්නේ ලංසා දැන් දැවැන්ත රංගනයක නිරතව සිටින ආකාරය පසුගිය දිනවල අප පාර්ලිමේන්තුවේදි දුටිමු.
දැවැන්ත මුස්ලිම් විරෝධයක් මතුකොට කතෝලිකයන් වෙනුවෙන් තමන් කෙලින් කථාකරනවා යැයි පෙන්නට ගිය ලංසාට පසුගිය දිනක සිදුවුයේ දැවැන්ත ඇනගැනිමකි.
ඒ නොසිතු ලෙසින් ආශු මාරසිංහ මන්ත්‍රිවරයාගෙන් එල්ල වු බර අවි ප්‍රහාරය නිසාය.
ලංසා මේ ආවේශ වි ඇත්තේ කුඩු ගසා දැයි අසන තරම ආශු ඉදිරියටම පැමිණ මේ ප්‍රහාරය එල්ල කොට තිබුණි.
ඒ ප්‍රහාරයෙන් නම් ලංසාට ගොඩඒමට නොහැකි වු බව ඉතා පැහැදිලිය.