කතෝලික පල්ලියේ මත්කුඩු විරෝධි රැළියේ සංවිධාන කටයුතු වලට දේශපාලකයන් සම්බන්ධ කරගත්තේ කව්ද?

0
87

kudu protest 2(7.45am )කතෝලික පල්ලිය විසින් මේ චතාරික සමයේ සංවිධානය කර ඇති මත්කුඩු විරෝධි මීගමු රැළිය ගැන මේ වන විට විවිධ කටකථා මෙන්ම මත පැතිර යමින් තිබේ.
1.එනම් මේ චතාරික සමයේ මෙවැනි දැවැන්ත කටයුතු වලට මුල පිරිම සාමාන්‍යයෙන් සිදුනොවන පසුබිමක මෙවන් රැළියක් මීගමුවේ පැවැත්විම සදහා කාර්දිනල් හිමිව යොමුකරන ලද පියතුමා කව්ද යනුවෙනි..
2.මේ සංවිධාන සාකච්ජාව සදහා දේශපාලකයන්ව සම්බන්ධ කර ගැනිමට කටයුතු කර ඇති පියතුමා කව්දැයි යනුවෙන්ද දැන් විපරමක් පවති.
3.ලංසා පවුල යනු මීගමුවේ පමණක් නොව රටේම ගතහොත් මත්කුඩු පිළිබදව අද කථා බහට ලක්ව ඇති පවුලකි.එපමණක් නොව පසුගිය කාලය තුල දයාන් ලංසා හා කේරල ගංජා අතර ඇති සම්බන්ධය ගැනද විවිධ කථා පැතිර ගිය අතර පසුගිය රජයේ ඇතැම් මන්ත්‍රිවරුන් පවා කියා තිබුුනේ ඇතැම් විට මේ ව්‍යාපාරික කටයුතු සදහා මහනගර සභාවේ වාහන යොදා ගැනිම ගැනද චෝදනා ඇති බවය.තතු මෙසේව තිබියදි දයාන් ලංසා මේ සංවිධාන කටයුතු ගැන රැස්විමට කැදවාගෙන ඒමට කටයුතු කරන ලද පියතුමා කව්ද ?මීගමුවේ බහුතරයක් පියතුමන්ලා අතර බරපතල ලෙසින් මතුව ඇති ගැටළුව වන්නේද මෙයයි.
4මෙම සංවිධාන සාකච්ජාව සදහා ප්‍රදේශයේ අනිකුත් දේශපාලකයන් සම්බන්ධ කරගැනිමට ගෙන තිබුණ උත්සාහයක් ගැනද කරුණු විමසා බැලිමේදි වාර්තා වන්නේ නැත.
එය අහම්බයක්ද ?සැලසුමක්ද ?
5.මෙ රැළිය සදහා දේශපාලකයන් විසින් දක්වනු ලබන අනුග්‍රහය කුමක්ද ?මෙහි බරපැන දරන්නේ පල්ලියද නැතිනම් දේශපාලකයන්ද ?
6.පොහොට්ටුවේ මෙ වන විට ප්‍රකාශිත නගරාධිපති අපෙක්ෂකයා දයාන් ලංසාය.එහෙත් පල්ලිය කිසිලෙසකින් වත ගිය වර පළාත් පාලන මැතිවරණයේදි ඒ සදහා ඉඩ ලබාදුන්නේ නැත.
සරත් ගුණරත්න එයට බරපතල විරෝධයක් දක්වා තිබුණි.
එහෙත් දැන් සරත් ගුණරත්න ලංසා පවුලේ සියළු කුමන්ත්‍රණ වල ඉත්තෙකු බවට පත්ව දේශපාලනිකව සිය දිවි හානිකරගැනිමේ මෙහෙයුමක නිරතව සිටින බැවින් සරත් ගුණරත්න දැන් ලංසා සමග සිටින්නේ අයියා මල්ලි වාගේය.
ඒ නිසා නරක මල්ලි දැන් හොද ළමයෙක් යැයි කියා කතෝලික පල්ලියේ ආශිර්වාදය ලබාගැනිම සදහා එහෙම පිටින්ම කාර්දිනල් තුමාව සහ අනික් පියතුමන්ලාව ගානට අන්දවා ඇත්තේද සරත් ගුණරත්න විසින්දැයි යන කථා බහක්ද දැන් මිගමුවේ ඇතැම් පියතුමන්ලා අතරේම පවති.
මේ මෙහෙයුමට අනුව කාර්දිනල් තුමන් හා එක්ව ගනු ලබන එක් ඡායාරූපයක් වුව ලංසා පවුලට කෝටි ගණනක් වටි.
ඒ සදහා මේ වනවිටත් සැලැසුම් උපරිම වශයෙන්ම යොදා ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගිය දිනක දයාන් ලංසාව මඩුපල්ලි ගෙන ගොස් මඩුමැණියන්ට තුති පුදකිරිමට සරත් ගුණරත්න විසින් කටයුතු කර තිබුණා යැයි පුවතක්ද දැන් කථාබහට ලක්වෙමින් තිබේ.
මේ සියල්ල තුල දැන් මේ මත්කුඩු විරෝධි රැලිය ඇත්තටම මීගමුවේ මත්කුඩු ජවාරමට එරෙහි රැළියක්ද නැතිනම් මත්කුඩු නිසා කළු චරිත බවට පත්ව ඇති මීගමුවේ ඇතැම් දේශපාලන චරික සුදුකිරිමේ තැතක්ද යන්න විවෘත සැකයක්ව පවති.
මේ නිසාම ඇතැම් පියතුමන්ලා වඩාත් පරිස්ම් වෙමින් සිටින්නේ මේ සමස්ථ තත්වය ඒ අයටම දැන් අපැහැදිලි නිසාවෙනි.