කතෝලික පියතුමෙකුගේ සහය ඇතිව නගර සභා පාරකින් කප්පම් ගනිද්දි නගරාධිපති නිහඩ ඇයි ?

0
67

briberyමීගමුව මහනගර සභාවට අයත් පාරක් වන මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පොළ අසල මාර්ගයේ වාහනවලින් මුදල් කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටිති.එහි මුදල් පල්ලියට යොදවන බවට ටිකට් පතක් එහිදි ලබාදෙන බව සදහන්ය.
එහෙත් අප කළ විමසිමකදි දැනගන්නට ලැබුනේ ඒ පාර අයත්වන්නේ මීගමුව මහනගර සභාවට බවය.
තතු එසේව තිබියදි වැල්ලවිදියේ ශා.සෙබස්තියන් දෙව්මැදුරේ පියතුමන්ගේද පුර්ණ ආශිර්වාදය මැද මේ කප්පම් මෙහෙයුම දිගටම ක්‍රියාත්මකය.
පල්ලිවලට පාරවල් අයිති යැයි ලංකා ඉතිහාසයේ කිසිදු නීති පොතක සදහන් නැත. එසේ තිබියදි වැල්ලවිදිය පල්ලිය විසින් කිසිදු නිතිමය පදනමකින් තොරව දැන් නගර සභාවට අයත් පාරක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත.
එක්තරා දේශපාලන පවුලක් මුළු මීගමුවේම පාලනය අතට ගත් සමයක ඔවුන්ගේ සියළු අයථා ගනුදෙනු වසා ගැනිමට පල්ලි පන්සල් සිය වසගයට ගත්තේය.
එසේ කරමින් පල්ලිවලටද කිසියම් කප්පමක් දෙමින් ආරම්භ කළ අසික්කිත කප්පම් මෙහෙයුම දිගටම කරගෙන යන්නට දැන් ඒ පල්ලියේ පියතුමා දිගටම කටයුතු කිරිම ප්‍රතිපත්තිගරුක මීගමුව කිතුණුවන්ගේ අප්‍රසාදයට ලක්වෙමින් තිබේ.
පල්ලියට වෙරළ අයිති නැතැයි වරක නඩුවක් කියා වැල්ලිවිදිය පල්ලියේ පියතුමෙකුව මහත්සේ අවඥාවට ලක්කරන්නට එදා නිතිඥ කොල්වින් ආර් සිල්වා සමත්විය.
කිතුණු දහමේ දැක්වෙන්නේ ජේසුන් වහන්සේ විසින් කපටි වෙළදුන්ට කසයකින් පහර එල්ලකරමින් ඔවුන් එලවා දැමු බවය.
එහෙත් වැල්ලවිදිය පල්ලියේ පියතුමා ඇතුළු දායකසභාව මෙසේ කිසියම් පිරිසකට කප්පම් ගැනිමට ඉඩලබාදි තිබේ.
මේ කප්පම් මෙහෙයුම පල්ලිය මැදිහත්වි ගෞරවාන්විතවට නවතා දමන්නට කටයුතු නොකරන්නේ යහපාලන සමාජයක් මීගමුවේද ස්ථාපිත කිරිම වෙනුවෙන් අධිකරණයේ සහ පොලිසියේ පිහිට පැතිමට සිදුවන බව නම සදහන් කිරිමට අකමැති වු මීගමුවේ ජේෂ්ඨ පුරවැසියෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
පාරක් පල්ලියට අයති නැතැයි කියන්නට උසාවි යන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here