කතෝලික පියතුමෙකුට එරෙහිව මඩ පත්‍රිකාවක් බෙදු පුද්ගලයාව බේරගන්න ජෝන් ඇමති මීගමුව පොලිසියට කථා කළේ ඇයි ?

0
147

John-amarathunga-720x340ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ට එරෙහිව මඩ පත්‍රිකාව මිගමුව සහ අවට වු වෙරළ කලාපයේ ගම්මාන අතර බෙදාහැරිමට  කටයුතු කර තිබුණ පුද්ගලයෙකුව ඊයේ මීගමුව පොලිසියට කැදවා  තිබු අවස්ථාවේ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමති ජෝන් අමරතුංග විසින් මීගමුව පොලිසියේ බළධාරින් අමතා මේ පුද්ගලයා මේ පත්‍රිකා වැඩේට සම්බන්ධ නැතැයි කියා  තිබේ.
මේ බව හෙළිදරව් වුයේ මීපුර වෙබ් අඩවිය විසින් ඇමතිවරයාගෙන් මේ බව විමසා සිටි අවස්ථාවේදිය.
මේ පත්‍රිකාව බෙදා හැරිම ඇමතිවරයාගේ කාර්යාලයෙන් සිදුකර ඇතැයි අප විසින් කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ  ”මම පත්‍රිකා ගහන්නේ නෑ  කියන දෙයක් මුණටම කියනවා” යැයි කියාය.
කෙසේ වෙතත් ගරු පියතුමෙකුගේ චරිතයට අගරු වෙන අයුරින් ලියන ලද පත්‍රිකාවක් බෙදා හැරිය පුද්ගලයාව බේරාගන්නට ඇමතිවරයා පොලිසියට කථාකිරිම තුළින් පුහුල් හොරා කව්දැයි අසුවවී හමාරය.

Save

Save