කතෝලික සභාෙව් සහයත් මෛත්‍රිට….??

0
79

කතෝලික සභාවේ නිල පුවත්පත (ඥානාර්ථ ප‍්‍රදීපය) හා ‘කිතු හඞ’ (කතෝලික සභාව වෙනුවෙන් නිල වශයෙන් පෙනී සිටින ගිහි සංවිධානය) කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය  ද  තවත් කතෝලික ගිහි සංවිධාන කිහිපයක්ද එක්වී සකසා ඇති නව ව්‍යවස්ථා සංශෝධන දේශපාලන යෝජනාවලිය මගින් ද සහය දක්වා ඇත්තේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති සඳහාය.

කතෝලික නිල පුවත්පත වන ‘ඥානාර්ථ ප‍්‍රදීපය’ පුවත්පතේ පසුගිය කලාපයේ 11 වැනි පිටුව පුරාම මේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාවන් පළකර තිබිනි.

අදාල යෝජනාවලිය  සකස් කිරීමට සති කිහිපයකට පෙර සිට එම පුවත්පතේම අනුග‍්‍රහයෙන් කතෝලික ජනතාවට සිය අදහස් හා යෝජනා එවන ලෙසට ආරාධනයක්ද කර තිබිනි.

එසේ එවන ලද ජනතා යෝජනා එක්කරගනිමින් කතෝලික පියවරුන් හා විදවත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද මෙම දේශපාලන යෝජනාවලියේ වැඩි නැඹුරවක් යොමුකර  ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන දූෂණ හා වංචා පිටු දැකීමට කළ යුතු නව දේශපාලනික හා නීතිමය වෙනස්කම් ගැනය.

කතෝලිකයින් බහුතරයක් ජීවත්වන මීගමුව පුරවරය මේ ආණ්ඩුවයටතේ විනාශයට පත්වී ඇති බවට එහි පරිච්ඡේදයක් වෙන්ව තිබීමද විශේෂිතය.

කැසිනෝ හා වෙනත් සූදු සම්බන්ධවත්, මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධවත් දැඩි නීති රීති ගෙන ඒමට ද අදාල යෝජනාවලියෙන් දක්වා අැති අතර රටේ දූෂණය, නාස්තිය, කොමිස් හා වංචාවන්ට එරෙහිවද දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර ඇත.

එසේම  කෘතීම පොහොර හා විෂ රසායන අඩංගුව කරන ගොවිතැන වැලැක්වීමටත්, විෂ සහිත ප‍්‍රමිතියෙන් තොර ආහාර වැලැක්වීමටත්, අනවසර වන සංහාරයට එරෙහිවත්, පුරාවස්තු හා පූජනීය ස්ථාන රැකගැනීමට නිසි ක‍්‍රමවේදයක් ගෙන එන ලෙසත්, තොරතුරු දැනගැනීමේ පණත සම්මත කිරීමත්, මාධ්‍ය මර්ධනය වැලැක්වීමත් මෙහි අන්තගත තවත් කරුණු වේ.

සංචාරක කර්මාන්තය කැසිනෝ සහ වෙනත් සූදු මුල්කරගනිමින් සිදු කිරීම වෙනුවට රටේ සිද්ධස්ථාන හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන මුල් කරගනිමින් පවත්වන ලෙසත් රටේ ප‍්‍රධාන මැතිවරණ වලට තරග කරන මහජන නියෝජිතයින් සදහා කුමන ආගමක වුවත් දහම් පාසල් අධ්‍යාපන සහතිකය අනිවාර්ය  කර අවම සුදුසුකම් සීමාවක් පණවන ලෙසත් එම යෝජනාවලියේ සදහන්වේ.

සමස්ථයක් ලෙස ගත් කල එම යෝජනාවලිය පිරික්සා බලන්නෙකුට පෙනෙන්නට තිබෙන්නේ වත්මන් පාලන ක‍්‍රමය කතෝලික ජනතාව ප‍්‍රත්ක්ෂේප කරනු ලබන බවත් නව යහපාලනයකින් යුතු රජයක් හා ව්‍යවස්ථාවක් සදහා සමස්ථ කතෝලික ජනතාව ඡන්දය එම සම්පූර්ණ දේශපාලන යෝජනාවලිය පහත දක්වා ඇත

ate this item

ate this

උපුටා ගැනිම – ශ්‍රිලංකා මිරර්