
පැවිද්දන් හා පූජකයන් විසින් කෙලෙසා තිබෙන්නේ බොදු දහම පමණක් නොවේ. ක්‍රිස්තු ශාසනය – නැ; ලංකාවේ කතෝලික සභාව- ද සීඝ්‍රයෙන් කෙළෙසෙමින් තිබේ. මට මේ ශෝකය දැනුනේ මගේ මුහුණු පොතට ලැබුණු මෙම පින්තුර ගොන්න දුටු විටය.

මේ, රෝමයේ වැඩ වෙසෙන හිටපු (දැන් විශ්‍රාමික) බෙනඩික් පාප් තුමන් විසින් “මොන්සින්ඥෝර්” තනතුරක් දුන් ලාංකික පියතුමෙක් එතුමා ගේ පූජකවර 25 වැනි ජුබිලිය හා උපන් දිනය සැමරූ ආකාරයය. මෙය මුහුණු පොතට share කර තිබුනේ එතුමා විසින් මය.
නව ගිවිසුමේ එක්තරා තැනෙක සඳහන් වන්නේ “සහෝදර වරුනි, ලෝකයේ ආකාරයට හැඩ නොගැසී ස්වාමීන් වහන්සේ ඔබෙන් ඉල්ලන ආකාරයට හැඩගැසෙන්න ” යනුවෙනි. එහෙත් ලංකාවේ කතෝලික සභාව පසුගිය දශකය තුළ ලෝකයට නොදෙවෙනි ලෙස තරගයට ලෞකික වීමට පටන් ගෙන තිබේ.එහෙත්, “මේ රට ලෞකික රාජ්‍යයක් කරන්නට එපා” කියන්නෙත් මේ සභාවමය.

අතිශය කනගාටුවට කරුණක් වන්නේ මෙහෙම දේ වෙන්නේ “දුප්පත් සභාවක් – දුප්පතුන් සඳහා වන සභාවක්” ගැන සිහින දකින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පේදුරු තුමන් ගේ අසුනේ සිටින කාලයේ වීමය. (ඒකටත් පුදුම වන්නට දෙයක් නැත. මන්ද ලංකාවේ කතෝලික සභාවේ නායකත්වය ද “ප්‍රැන්සිස් විරෝධී” පිලේ සාමාජිකත්වය දරන නිසාය. )
වාසනාවට අප අනුයන්නේ මේ ජවුසන් කාරයන් නොවේ. ක්‍රිස්තුන් වහන්සේය.
ක්‍රිස්තුනි කරුණා කල මානව කියා මේ අය වෙනුවෙන් යදිනවා හැර වෙන යමක් කිරීමට ඉතිරිව නැත.
එහෙත්, ජේසු සමිඳුන් අනුයන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ආදරය කරන්නෙකු ලෙස මේ’මොන්සින්ඥෝර් තුමාට’ එකක් කිව යුතුය: ප්‍රැන්සිස් සුදොතුම් පිය සේයාරුවක් මුහුණු පොතේ තබාගෙන එතුමාට නිගා දෙන දේ නොකරන්න!
තවත් දෙයක් සඳහන් කල යුතුය.
එනම්, මෙම පින්තුර සංඛ්‍යාව පවා මුහුණු පොතට වාර්තාවක් විය හැකිය කියාය.
(සමන් කපිල විජේසුරිය මහතාගේ මුහුණු පොතෙනි )





+875