කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය වීරවංශගේ තවත් ව්‍යාජ ලිපියක් බව හෙලිවේ.

0
75

කතානායක කරු ජයසූරිය මහතා  විසින් අගවිනිසුරුවරයාට යවනු ලැබූ බව  කියැවෙන ලිපියක් විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවි කිහිපයක ප්‍රචාරය වී තිබිණි.ඔහුගේ ගෝලයන් විසින් මෙහෙයවන මෙම වෙබ් අඩවි එම ලිපි හදුන්වා දී තිබුනේ “ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු නිසි ලෙස නොකරන්නේ යයි සදහන් කරමින් අගවිනිසුරු වෙත කතානායක කරු ජයසූරිය විසින් යවන බව සදහන් ලිපියක්” යනුවෙනි.

මේ ලිපි සෙල්ලම වීරවංශගේ තවත් නින්දිත ක්‍රියාවක් බව දැනටමත් ඔප්පු වී හමාරය. ඒ කථානායක කාර්යාලය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කථානායක තුමන් එවැනි කිසිදු ලිපියක් අගවිනිසුරුතුමන් වෙත යවා නැතැයි ප්‍රකාශ කිරීමත් සමගිනි.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන පාර්ශවයට හිතේ හැටියට නටන්ට නොහැකි ලොකුම බාධකය වී ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතා බව ශ්‍රී ලංකාවේ බලාංශයේ දරුවා පවා දැන් හොදින් දන්නා කරුණක් වන අතර ඒ නිසාම එතුමාගේ චරිතය විනාශ කිරීමේ අරමුණින් විමල් වීරවංශ වැනි අනාථයින් මෙවැනි නින්දිත ක්‍රියාවල නිරත වෙමින් සිටීයි. කෙසේ වෙතත් කුමන්ත්‍රණ ආණ්ඩුව ගහන ගැට සෑම දෙයක්ම නැවතත් ඔවුන්ට පාරා වළල්ලක් වී පැමිණෙමින් තිබෙන අවස්ථාවක වීරවංශ වැනි දේශපාලන අනාථයන් පිදුරු ගසක එල්ලී බේරෙන්නට හෝ උත්සහ දැරීමට අප අනුකම්පා කල යුතුය.

කථානායක කාර්යාලය විසින් නිකුත් කල නිවේදනය
කථානායක කාර්යාලය විසින් නිකුත් කල නිවේදනය