Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home News කන්දකාඩුවේ රැඳවියන් බලන්න ගිය මිනුවන්ගොඩ 10ක් නිරෝධායනයට

කන්දකාඩුවේ රැඳවියන් බලන්න ගිය මිනුවන්ගොඩ 10ක් නිරෝධායනයට

0
123

kandakadu_1-697x394කන්දකාඩු පුනරුත්ථාපන කදවුර මුල්කොට ගෙන කොවිඩ් දෙවන රැල්ලක් මතුවිමේ අවධානම ගැන මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මාධ්‍ය හමුවේ කරුණු දක්වා තිබේ. දැනට මහජනයා සමගින් ඉතාමත් සමිපයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දේශපාලකයන් හා ඇතැම් වෘත්තිකයන්ට හට චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ කොවිඩ් දෙවන රැල්ලක් දක්වා රට අවධානමේ හෙළිමට ඒ අයගේ නොසැලකිලිමත් කම්ද බෙහෙවින් බලපා ඇති බවය.
කෙසේ වෙතත් පසුගිය කාලය තුල පැහැදිලිව පෙනෙන්නට තිබුණ කරුණ වුයේ කොවිඩ් පිළිබදව ජනතාව තුල වු බිය පහව ගොස් තිබුණ බවකි.විශේෂයෙන්ම දේශපාලන රැස්විම්වලදි දේශපාලකයන් මෙන්ම ජනතාවද මේ ගැන කිසිදු සැලකිල්ලකින් කටයුතු කළ බවක් පෙනුනේ නැත
මේ පසුබිම තුල කන්දකාඩු පුනරුත්ථාපන කදවුර අද කොවිඩ් රටපුරා ගෙනයාමේ මර්මස්ථානය බවට පත්වන ලකුණු පෙනේ.

රැඳවියන් බැලීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත ගිය මිනුවන්ගොඩ පුද්ගලයන් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු  කර ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් වැගොව්ව, කෝපිවත්ත, අස්ගිරිය සහ යාගොඩමුල්ල යන ප්‍රදේශවල පදිංචි
පවුල් 6කට අයත් 10 දෙනෙකුව මෙසේ නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
Exit mobile version