කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැන යයි ?

0
59

5678547C-0FFA-4677-B912-028FBC98F023

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබේ.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසි සිටි.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගේ  වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

.00990637-6422-4638-9EE9-6D62925D438F