කන්‍යාසොහොයුරියකටත් තුවක්කුව පපුවට තබා තර්ජන කරලා ?

0
87

weli 2ලෝකයේම විනය ගරුක හමුදාව ඇත්තේ  ලංකාවේ යැයි කියු පාලකයන්ගේ  පුර්ණ ආශිර්වාදයෙන් පසුගිය දා වැලිවේරියේදී වෙඩි තබා පොලුවලින් ගසා අමානුෂික අන්දමින් සිදුකළ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනිම සදහා පල්ලියට මෙන්ම ඒ අසල පිහිටි කන්‍යාරාමයටත් දිව ගොස් තිබුණි.
එහෙත් ඒ අයට පවා අමානුෂික  ලෙස පහර දි දේවස්ථානයට පවා වෙඩි තැබු හමුදාව පසුව කන්‍යාරාමයට  ගොස් ඇත.
එහි සිටි පැවිදි සොහොයුරියකගේ පපුවට ටි 56 තබා තර්ජනය කරමින් විමසා ඇත්තේ කන්‍යාරාමය තුල ගම්මුන් සගවා ගෙන සිටින්නේද යනුවෙනි.
කතෝලික උන් තමයි මේ සේරම කරන්නේ යනුවෙන්ද පවසා ඇත. ඒ අවස්ථාවේදි මේ පැවිදි සොහොයුරිය සහ කාන්තාවන් එක්ව දේව කන්නලව්වක  යෙදි සිට ඇත….