කනින් කොනින් ඇසෙන කුඩු කතා ..

0
51

????????????????????????????????????

මෙවර  පළාත්  පාලන   මැතිවරණයේදී  දැකිය හැක්කේ  විකෘතිවී  ඇති   ප්‍රතිඵලයකි. මන්ද   මීගමුව  ආසනයේ  කොට්ටාශ  29න්  19ක්ම  දිනූ  එ.  ජා. ප. ය  අභිබවා කොට්ටාශ  7  ක්දිනූ  පොදුපෙරමුණට   බෝනස්  9ක්ද  ලබා  තවත්  අවශ්‍ය වූ  නියෝජිතයින්  ඔවුන් ගේ  කළු  සල්ලි  මත  සකස්  කර  ගනිමින්  නගරසභාවේ  බලය   නතුකරගැනීමට   හැකිවීමයි.  එම  විකෘතියේ   ජයපැන්  බොන ,  ප්‍රතිඵල   බෙදාගැනීමට  සැරසෙන   පොහොට්ටුවේ    තරග  කළවුන්  අතර   ජනතාවාදී
අය  සහ  ජනතාවාදී  නොවන  කුඩුකරුවන්ද   වශයෙන්  දෙකොටසක්  සිටින  බව   පෙන්වා  දෙමින්  මේ වනවිට   ඔවුන්  ප්‍රසිද්ධියේ   බැන  අඩගහ ගනිති.

පොහොට්ටුවෙන් උඩයාර්තෝප්පුවට මෙවර තරග කළ  ජයසිංහ  මහතා  කපාගෙන   නැවතත්  කුඩු රජා   නගර සභාවට  යනබව  පෙන්වාදෙමින්   කතෝලික  ජනතාඑකමුතුව  නමින්  අලවන ලද  පෝස්ටරයක   සඳහන්  වන්නේ  ජනතා  කැමැත්තට  අනුව  නොව   කුඩුකාරයින්ගේ   අවශ්‍යතාවයට  අනුව  නගර සභාවේ    කටයුතු  පෙළගැසෙන  බවත්  මේවාට  එරෙහිව  ජනතා  විරෝධය  එල්ලවෙමින්  පවතින  බවත්ය.  තරග කොට පරාජයට පත්වු ජයසිංහ සහ තරග නොකොට අතිරේක ලයිස්තුවෙන් මන්ත්‍රිධුරයක් ලබාගත් නිමල් ලංසාගේ හිතවතා වන ජිවංග මිරැන්ඩෝ මේ වනට විට ප්‍රබල ගැටුමක් වර්ධනය වෙමින් ඇති බවද කියැවේ.
කෙසේ  නමුත්  මින් පැහැදිළි  වන්නේ   ඉදිරියේදී    සිදුවන්නට  යන  විනාශකාරී  පාලනයට  එරෙහිව  දැනටමත්  ජනතාව  පෙළගැසෙමින්  සිටින  බවයි.