දැනටම කොරෝනා වෛරස් අවදානමක් හේතුවෙන් නිවෙස්වලට කොටුව සිටින අක්කර 50 කඳසුරිදුගම ජනයා හට කටාන ප්රාදේශිය ලේකම් තුමාගේ ඉල්ලිම පිට රු 1500 ක පමණ වටිනාකමින් යුත් වියළි ආහාර සහන මලු 265 ක් ලබාදිමට කටාන සමුපකාරය සමිතිය කටයුතු කර ඇතැයි වාර්ථා වේ.
මේ අතර සමුපාකාර ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ වන විට කටාන ආසනය තුල ග්රාම සේවා වසම් 70 කට ආසන්න ප්රමාණයක් ආවරණය වන අන්දමින් සහන මිළට බඩු ලබා දිමේ සමුපාකාර ලොරි රථ ක්රියාත්මකව ඇති බවය.
අදත් හෙටත් ඉතිරි ග්රාමසේවා වසම් ආවරණය කිරිමේ වැඩපිළිවෙලට සුදානම් වෙමින් සිටින බවද එහි ප්රකාශයෙකු අප කළ විමසුමකදි කියා සිටියේය.