කඳුල ප්‍රසංගයට හික්ෂුන් පිරිසකගෙන් මැර තර්ජන !

0
70

Screenshot_20191214_013309කිතුණු නොකිතුණු ජනයා අතර මහත් ප්‍රසාදයට ලක්ව ඇති වාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ  කඳුළු ප්‍රසංගයට තර්ජනය කොට එම ප්‍රසංගය මතුගම ප්‍රදේශයේ සංවිධානය කිරිමට ඉඩදි නැතැයි වාර්ථාවේ.
හික්ෂුවකට නොගැලපෙන ලෙස හැසිරෙමින් පරුෂ වචනයෙන් බැන වදිමින් කඳුළු ප්‍රසංගය මතුගම පැවැත්විමට ඉඩ නොදෙන බව කියන මේ හික්ෂුන් පිරිස ඉන් නොනැවති ජනපති අගමැතිට කියා සිටින්නේ මේ ප්‍රසංගය පැවැත්විමට ඉඩ නොදිය යුතු බවය.
තමන් ශ්‍රි ලාංකිකයන්ගේ ජනපති යැයි කියමින් දිවුරුම් දුන් විනය ගරුක රටක් හැදිමට සපථ කොට ඇති ගෝඨාබය රාජපක්ෂ නැගි එන මේ මැර වියරුව  ගැන වහා මැදිහත්වි නවතා නොදමන්නේ නම් ඇතිවිය හැකිව ඇත්තේ බරපතල තත්වයකි.
එමෙන්ම කාර්දිනල් හිමියන් ඉතා පැහැදිලිව මේ ගැන ප්‍රකාශයක් කළ යුතුව ඇත්තේ ආගමික හරයන්ගෙන් පෝෂණය වු කඳුළු වැනි ප්‍රසංගයක්වත් පැවැත්විමට ඉඩ නොදෙන සමාජයක් කරා නම් අප යන්නේ ඒ ගැන එහි ඇති භායනක තත්වය කල් ඇතිවම දැන් පෙනෙන්නට අති හෙයිනි.
දැනට සමාජය මාධ්‍ය ඔස්සේ හුවමාරු වන යුටියුබ් විඩියෝව මගින් තර්ජනය කරන හික්ෂුව තවදුරටත් අවධාරණය කරන්නේ කව්රුන් මේ ප්‍රසංගය නැරඹිමට පැමිණ සිටියද එයට කිසිදු ඉඩක් මතුගමදි නොදෙන බව කියමින්ය.
රටපුරා පැවැත්වු මේ ප්‍රසංගය නැරඹිම සදහා ආරක්ෂක අංශවල ඉහලම නිලධාරින් පවා පැමිණ තිබුණි.