කඳුළු ගෑස් වෙනුවට කේක් !

0
482

81993218_1486531678178809_3140270342107299840_oමෙරට රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ  සාමාන්‍යයෙන් මසකට වරක් හෝ සිදු වන්නකි.
නව රජය බලයට පත්විමෙන් පසු පැවැති පළමු වැන්න ඊයේ දිනයේ පැවැති අතර එහිදී සිසුන්ගේ නියෝජිතයන් පිරිසක් ජනපති අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද කර තිබුණි.
මේ පිළිබදව ජනපති ගෝඨාබය රාජක්ෂ සිය ෆෙස් බුක් පිටුවේ සදහනක් කරමින් කියා තිබුනේ සිසු ගැටලු පිලිබදව සති දෙකකට වරක් වුවද සාකච්ජා කිරිමට සුදානම් බවය.
ඒ සම්පුර්ණ සටහන මෙසේය……

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට පැමිණිමටත්, සිය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවසර දෙන ලෙස ඊයේ උපදෙස් ලබා දුනිමි.
ඒ අනුව ජනාධිපති අතිරේක ලේකම්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් හමුව, ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් මත ඔවුන්ගේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු සළසන ලදී. මීට අමතරව පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ.
සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ…….

වෙනදා මෙන් ලැබුන කඳුළු ගැස් ප්‍රහාර වෙනුවට මේ නියෝජිත පිරිසට තේපැන් සංග්‍රහයක්ද ජනාධිති කාර්යාලය විසින් පවත්වා තිබුණි.

.