කපටියන්ගේ “කට්ට” වැඩ නිසා කට්ට අව්වේ වේලෙන මිගමුවේ මාළු වෙළෙන්දෝ ……

0
510
රෙදි ඇදගෙන අව්වවේන බේරෙන්න හදන මිගමුවේ මාළු වෙළදාම් කරන අසරණයෝ

මීගමු මාළු කිව්වම කව්ද නොදන්නේ රට වටේ තැන් තැන්වල තියෙන මාළු ලෑලිත් දාල තියෙන්නේ මිගමු මාළු කියල.
එහෙව් ප්‍රසිද්ධියක් තියෙන  මිගමු මාළු දැන් මිගමුවේදි විකුණන්න වෙලා තියෙන්නේ කට්ට අව්වේ වේලි වේලි ඒකට ප්‍රධාන හේතුව තමයි කපටි දේශපාලකයන්ගේ කට්ට වැඩ.
‌මිගමුව වැල්ලේ මාළු මාර්කට් එක හදන්න මුදල් ලැබුනෙ විදේශ ආධාර වලින්. රජයේ චක්‍ර ලේඛන අනුව රජයේ ආධාර වලින් මාර්කට් එකක් හදන්න  පුලුවන් රජයටම තමයි ඒක පාලනය කරන වැඩේ උනත් කරන්න ඔ්න ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් .
ඒත් මිගමුවේ ලංසා පවුලේ දේශපාලනය මේ  නිති ඔක්කොම නැමුවා විතරක් නෙමේ  කමකට නැති ඉදිකිරිමකුත් මේක අස්‌සේ කළා.

රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ
ලුණට දිරාපත්විම හේතුවෙන් කඩන් වැටුන මාළු වෙළද පොල

මාළු අලෙවි කරන අය අහන්නේ මුහුදක් ලග මොන ඉජිනේරුවද යකඩ වලින් තහඩු වලින් ඉදිකිරි්ම් කරන්නේ .
සහතික ඇත්ත.පොඩි ළමයෙකුටත් තේරෙන මේ ඇත්ත මේක ඇදපු නිමල් ලංසාගේ පංතියේ යාළුව දන්නේ නැ.
ඒ හින්ද මේ මාළු මාකර්ට් එකේ ඉදිකිරිම් ඔක්කොම දිරල කැඩිලා ගියා. දැන් මාළු විකුණන්නේ රෙදි ඇදගෙන.
රෙදි ඇදගෙන යන්න බැරි ජාතියේ වැඩකරපු දේශපාලකයෝ සුපිරියට වැජඹෙනව. අසරණයෝ වෙලෙනව.