කප්පම් කල්ලිවල පාලනයේ තිබු මහජන දේපල යළිත් මහනගර සභාවට..?

0
130
dav

dav

මීගමුව මහනගර සභාවේ පාලනය සමය තුල හිටපු නගරාධිපති නිමල් ලංසා මහ නගර සභාවේ අරමුදල් යොදවා ඉදිකරන්නට යෙදුන සංවර්ධන කටයුතු වල අයිතිය නගර සභාව වෙත පවරා දෙනු වෙනුවට ඒවායේ යතුරු පැවරුනේ ඔහුගේ හිතවතුන් වෙතය.
ගෙවුන දශකයකට ආසන්න කාලයක් තුල ඒවා මෙසේ පාලනය කරනු ලබන්නේ මේ කප්පම් කල්ලි විසිනි.
මීගමුව කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩාංගනය මෙන්ම ටෙනිස් පිටියද මහනගර සභාවවේ නිළ අයිතියට  පවාර ගැනිම සදහා  යෙදුන ක්‍රියාමාර්ගවලදි  හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා කිපි පරිපාලන අධිකාරියේ නිළධාරින් වෙත බැනවැදුන අයුරුද අප දනිමු.
ඒ තමන්ගේ ගෝලබාලයන් විසින් දශකයකට ආසන්න කාලයක් තුලදි හම්බ කරන්නට යෙදුන රු කෝටි ගණනක මුදල් අහිමිවිම යන්නට නියමිත නිසා විය යුතුය.
මේ ගෘහස්ත ක්‍රිඩාගාරය තුල මත්පැන් අලෙවි හලක්ද වේ.
රාජපක්ෂලාගේ අනුහසින් මේ සියලු කොල්ල කෑම් සිදුකර තිබේ.
එහෙත් දැන් දේශපාලන අධිකාරියේ ග්‍රහණයෙන් යම් නිදහසක් ලබා තිබෙන පරිපාලන අධිකාරිය මේ දේපල නැවත මහනගර සභාවේ පාලනයට පවරාගැනිමට කටයුතු කරමින් තිබිම පැසසුම් කටයුතුය.
මේ නීති විරෝධි ක්‍රියාවන් පිළිබදව මීගමුවේ බහුතරයක් මාධ්‍යකරුවන් මුනිවත රකිද්දි ඒවා ගැන ප්‍රශ්ණ කලේ මීපුර පමණි.
මීගමුව මහනගර සභාවේ ලේකම් තුමිය,නියෝජ්‍ය කොමසාරිස්තුමිය ඇතුළු පරිපාලන අධිකාරිය වෙත කියා සිටින්නේ යහපාලනය විසින් ඔවුන්ගේ ස්වාධිනතාවය පුර්ණ ලෙසින් ආරක්ෂා කිරිමට බැදි සිටින පසුබිමක සිය වගකිම නොපිරි හෙලා ඉටු කරන ලෙසය.
මීගමුවේ ප්‍රතිපත්තිගරුක මාධ්‍ය කලාවක නිරත අප  ප්‍රතිපත්ති ගරුක නිළධාරින් රැකගැනිම සදහා එදත් අදත් හෙටත් කටයුතු කරන්නෙමු.