කම්කරු දිනයට සුහද එල්ලේ තරඟයක්…

0
198

දේවස්ථාන දෙකක් ඇති මීසමක් වන කටුනායක මීසමේ පසුගිය ඉතිහාසය පුරාම මෙම දේවස්ථාන දෙකේ ජනතාව අතර විවිධ මත ගැටුම් පැවතිණි.පසුගිය කාලයේ එම මතගැටුම් උත්සන්න වී විවිධ ගැටුම්කාරී තත්වයන්ද හටගත්තා අපට මතකය.එම ගැටුම් නිරාකරණය කර ගැනීමට අගරදගුරැතුමන්ගේ සහය ලබා ගැනීමට පවා සිදුවිය.

නමුත් එම ගැටුම්කාරී තත්වය තුල දේවස්ථානයේ මීසම්පාලක පියතුමා බවට පත්වී පැමිණි ගරැ දේශාන් පියතුමා මේ වන විට ග්‍රාමයේ තත්වය පෙර පැවති තත්වයට වඩා හාත්පසින්ම වෙනසකට හරවා ඇත.
දේවස්ථාන ‍ෙදකේ ජනතාව සමඟි කිරීමෙහිලා එතුමාගේ උත්සාහය සාර්ථක බව සැම දෙනාටම තේරැම්ගොස් ඇත.
පසුගිය වසරේ නත්තල් උත්සවය වෙනුවේන කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කරමින් මීසමේ ජනතාව සමඟි කිරීමේ උත්සාහය ඇරඹූ එතුමා ඉන්පසු දේවස්ථාන දෙකේම ජනතාව එකතු කරගනිමින් විවිධාකාරයේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කලේය.

එතුමා‍ගේ එම උත්සාහයේ අළුත්ම පියවර ලෙස  (මැයි 01වැනිදා) මීසමේ කොට්ටාස අතර සුහද එල්ලේ තරඟාවලියක් පැවතිණි.
එක් කොට්ටාසයකින් කණ්ඩායම් දෙකක් වශයෙන් කණ්ඩායම් 12ක් මේ සඳහා සහභාගී වී තිබුණි.ඉතාමත් තරඟකාරී ලෙස පැවතුණ තරඟ අවසානයේ ජයග්‍රහණය හිමිවුණේ තුන්වන කොට්ටාසයේ කණ්ඩායමටයි.

තරඟයේ ජයග්‍රාහකයින් කුසලා
කටුනායක සිදුව නගරාධිපති ලලන්ත මහතා මංගල පහර එල්ල කරමින්
ගරු පියතුමන් මංගල පහර එල්ල කරමින්

න අතැතිව.

 සටහන-මිතිලායා ගමගේ