කම්පාව නිසාවෙන්ම සද් භාවයෙන් මේ යෝජනාව ගෙනාෙව්.සුනිල් සිල්වා

0
151

මීගමුව මහා නගර සභාවේ අද (2013/04/04) පෙරවරුවේදී පැවති අප්‍රෙල් මස මහා සභා රැස්වීමට ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රී සුනිල් සිල්වා මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි . ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තය තුල ශී්‍ර ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ,සිංහල ජනතාවට සහ සමස්ථ ශී්‍ර ලාංකීකයන්ට සිදු වන  අසාධාරනයන් වලට දැඩි විරෝධය පල කල යුතු බව එහි ස`දහන් විය. එලෙසම එම යෝජනාවේ දෙවන ඡේදයේ ස`දහන් වුයේ මෙරට ද්‍රවිඩ ජනතාවට අසාධාරනයන් සිදු වන බවට පවසමින් තමිල්නාඩුව තුල කරන උද්ඝෝෂන සහ පහරදීම් වලට මීගමුවේ සිටින ද්‍රවිඩ ව්‍යාපාරිකයන් සහ සමස්ථ ද්‍රවිඩ ජනතාව පිලිතුරු දිය යුතු බවද එහි ස`දහන්ව තිබිනි. එලෙස මීගමුවේ සිටින ද්‍රවිඩ ව්‍යාපාරිකයන් සහ සමස්ථ ද්‍රවිඩ ජනතාව ඉදිරිපත් වී මෙරට තුල අප සිය`ඵ අයිතිවාසිකම් භුක්ති වි`දිමින් ජීවත් වන බව ජාත්‍යන්තරයට සහ තමිල්නාඩුවට ප්‍රකාශ කල යුතු යැයිද එම යෝජනාවේ වැඩි දුරටත් ස`දහන් වී තිබිණි.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින්  ඔහු ප්‍රකාශ කලේ තමන් මේ යෝජනාව ගෙනාවේ ද්‍රවිඩ ජනතාවට ඇති පක්ෂපාතීත්වය මත බවයි . එලෙසම මීගමුවේ සිටින ද්‍රවිඩ ජනතාව පාරට බැස්සවීමටවත් අදහසක් නොමැති බව ඔහු අවධාරණය කරයි. බෞද්ධ කතෝලික හෝ වෙනත් ආගමීක පුජකයෙකුට පහර දීම පිලිබ`ද ඇති වූ දැඩි කම්පාව නිසාවෙන්ම තම සිතේ ඇති වු සද් භාවය හේතුවෙන් මෙම යෝජනාව ගෙන ආ බව ඔහු පැවසීය. මෙම යෝජනාවෙන් කිසිදු අයෙකුට තර්ජනයක් කරන්නට බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ජයලලිතාගේ හා කරුණානිධිගේ ඡන්ද ගුන්ඩුවක් වන මෙම තත්වයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තමන්ට අවශ්‍ය වූ බවටද ඔහු වැඩි දුරටත් අවධාරණය කලේය. එලෙසම සුනිල් සිල්වා මන්තී්‍රවරයා තමන් ගෙන ආ යෝජනාවට උදාහරණ පිනිස සභාවේ සිටින විපක්ෂයේ සජිත් මෝහන් නාගරික මන්තී්‍රවරයාව ගෙනහැර පැවේය. සුනිල් සිල්වා මන්තී්‍රවරයා පවසන්නේ මීගමු මහා නගර සභාවේ වැඩිම වරප්‍රසාද ලබන නාගරික මන්තී්‍රවරයා සජිත් මෝහන් මන්තී්‍රවරයා බවයි.