කරපු වැරදි ගැන අහද්දි නගරාධිපති – බෑ කියයි

0
82

මීගමුව මහනගර සභාව විසින් මහජන බදුමුදල් පළාත් පාලන ක්‍රියාපටිපාටින්ට එරෙහිව මෙන්ම සකලාකාර නිතින්ට විරුද්ධ වෙමින් සිදු කරනු ලබද්දි ඒවා ගැන මහජනයා වෙනුවෙන් මහනගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් විමසා සිටිද්දි ඒවා මහසභා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිම ප්‍රතික්ෂේප කිරිම දැන් මීගමුව නගරාධිපතිවරයා පුරුද්දක් කොට තිබේ.

මේ එක් අවස්ථාවක් ඔබගේ අවධානයට ගෙන එනු ලබන්නේ මීගමුව තුල වර්ධනය වෙමින් එන පරිපාලනයමය ආරාජිකත්වය නැවත මහජන අවධානයට යොමු කරවනු පිණිසය.ක

හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන යෝජනාව සහ එය ප්‍රතික්ෂේප කරමින් නගරාධිපතිගේ නියමය පරිදි නාගරික ලේකම් විසින් එවා ඇති ලිපිය මේ සමගින් ඇත.

එය සම්පුර්ණයෙන්ම කියවන ලෙස අප ඔබගෙන් ඉල්ලමු.