කරවල අපද්‍රව්‍ය කලපුවට දැමීම නිසා දෙපිරිසක් ගැටේ

0
48

[starlist][/starlist][starlist][/starlist]

mahawattha 4(1. 45.pm)
පිටිපන,   මහවත්ත  ප්‍රදේශයේ  මහවත්ත  තොටුපලෙහි   කරවල  ව්‍යාපාරයක්   නිසා   පවුල්  40කට   පමණ  පීඩාවට  ලක්වන  පුවත  මාර්තු 18 වනදා  අපගේ  වෙබ්  අඩවියේ   සඳහන්  කරන ලදී.
මෙම  කරවල  නිෂ්පාදනාගාරයේ   අපද්‍රව්‍ය  තොටුපලට  බැහැර  කිරීම  නිසා  මතුවූ  මෙම  ප්‍රශ්ණය  මාර්තු 16 දුන්ගාල්පිටිය  පොලීසිය  සහ  මීගමුව  ධීවර  කාර්යාලයද  මැදිහත්වී  එහි   තිබුණු  බටද  ගලවා  ඉවත්  කර  ප්‍රශ්ණය  තාවකාලිකව  සමතයකට  පත්කරන  ලදී. නමුත්  මාර්තු  31දා   කරවල  නිෂ්පාදකාගාරයෙන්  නැවත  වරක්  අප ජලය බැහැර  කිරීම නිසා  දෙපිරිස  අතර  ආරවුලක්   මතුවී ඇත. ඉන් අනතුරුව   සවස  ප්‍රදේශවාසීන්   අතර   සිටි  උපුල්  නම්වූ   එක්  තරුණයෙකුට  15 ක  පමණ   පිරිසක්  පැමිණ  පහරදී ඇත.  මෙම  තරුණයා  මීගමු  රෝහලේ   දින 3ක්  නතරවී  ප්‍රතිකාර  ගත්  බව  ප්‍රදේශවාසීන්  පවසති.
මෙවන්  තත්වයක්  තිබියදී  නිසි  ප්‍රමිතියක්  නැතිව  පවත්වාගෙන  යන  මෙම  කරවල  ජාවාරමට  බලධාරීන්  ඉඩදී  බලාසිටින්නේ  ඇයිදැයි   ප්‍රදේශවාසීන්  ප්‍රශ්ණ  කරයි. වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුව,  පරිසර අධිකාරිය,  මීගමු  ධීවර  කාර්්‍යාලය,   කළපු  අධීකාරිය මේ  පිළිබඳව  සොයාබලා  නඩු නොදමන්නේ  කුමන  හේතුවක්  මතදැයි  අපි  නොදනිමු.  මන්ද  මෙම  කුඩා  තොටුපල  පොදු  වස්තුවක්  වන බැවින්,  ඊට  අදාලව  පාරිසරික  ප්‍රශ්ණයක්  ඇතිබව  දැන දැනත්  නිහඩව සිටීම  මෙම  බලධාරීන් ගේ  වැරැද්දක්  බව  පැහැදිළිව  පෙනෙන  හෙයිනි.mahawattha 2