කරවල ගඳ උහුලන්න බෑ. මහත්වරුනි අපට ජීවත්වෙන්න ඉඩ දෙන්න!

0
206

Pitipana community meeting 1

මේ මීගමුව  පිටිපන  ප්‍රදේශයේ  ජනතාව   තුළින්   කරවල  වාඩිවලට  එරෙහිව  මතුවන  හඬයි. ප්‍රශ්ණය  විශේෂයෙන්  දැනෙන්නේ   කාන්තාවන්ටය. මන්ද  මුළු  දවස  තිස්සේම  තම  නිවෙස් වල  රැඳී  සිටින්නේ  කාන්තාවන්  වන  බැවිනි. ඔවුන්  පවසන්නේ  මේ වනවිට  මතුවී  ඇති  තත්වය  මත  තම  ගෙවල්වල  පවා  ඉන්නට  බැරි  තරමට  ප්‍රශ්ණය  වර්ධනය වී  ඇති  බවයි. ඒනිසා  ඔවුන්  තමන්ට  දැනෙන  දේ  පවසන්නේ  මෙසේය.

දුර්ගන්ධය  උහුලන්නට  බෑ. අපේ  ළමයෙකුට  ස්කෝලෙ  ඇඳුමක්වත්  හෝදල  වේලල  ඇඳගෙන  යන්න බෑ. ඒව  ගඳගහනව. ගඳ වැඩිවෙනකොට  හුස්ම  ගන්නත්  බෑ.  කන්ටේනර්  පුරවල  පිටින්  මාළු  ගේනව. මේවෙනකොට  කරවල  වාඩි  හැම තැනම .  ප්‍රධාන  කරවලවාඩි  58ක්  තියෙනව කියලයි  කියන්නෙ.
මේ මහජන පීඩාව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකලා වහා මැදිහත්ව කටයුතු කළ යුතුව තිබුණද  ඒ රාජකාරිය සිදුවන්නේ නැත. එපමණක් නොවේ එපමණක් නොව දේශපාලන අධිකාරිය පවා දිගින් දිගටම ගන්නේ මේ කරවල මුදලාලිගේ පැත්ත මිස පිඩාවට පත් ජනයාගේ පැත්ත නොවන බවද නිරන්තරයෙන්ම මතුව ඇති බරපතල චෝදනාවකි.