කරවල නිෂ්පාදකයන්ගේ අප ජලයත් කලපුවට ?

0
172

mahawattha 4

වසර ගනනාවක සිට පිටිපන මහවත්ත තොටුපල අසල කරවල ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම නිසා මෙම ප්‍රදේශයේ වෙසෙන පවුල් 40ක් පමණවන ජනතාව ඉමහත් පීඩාවට ලක්ව සිටින බව ප්‍රදේශ වාසීන් අප සමග පැවසීය. මෙහි එකතුවන ලුණු සහ ක්ලෝරීන් ඝනවී දුගදක් හමන බව ත්,මෙම තොටුපලේ පැලෑටි සහ ජීවීන් බෝවීම කෙරෙහි එමගින් විශාල බලපෑමක් ඇති කරන බවත් ඔවුන් තවදුරටත් පවසයි.
කෙසේ නමුත් අදදින( 16දා) දුන්ගාල්පිටිය පොලීසියද , ධීවර කාර්්‍යාලයද මැදිහත්වී අපද්‍රව්‍ය බැහැර කරනලද බට ගලවා ඉවත් කරන ලදී.
මේ සදහා දුන්ගාල්පිටිය පොලීසියේ ස්ථානාධිපති රණසිංහ මහතා, එහි පරිසර පොලීසියේ ස්ථානාධිපති සුනිල් මහතා , එක්සත් ධීවර සමීතියේ අරුණ රොෂාන් මහතා මහතා, කලපු අධිකාරියේ සභාපති රමේශ් මහතා සහවෙරළ සංරක්ෂණ අධිකාරියේ චන්දන මහතාද මේ සදහා සහභාගිවිය.
මෙම ස්ථානය ධීවර ජනතාවගේ කටයුතුසිදුවන පොදු ස්ථානයකි. ඔවුන්ගේ යාත්‍රා නවතා තබන්නේ මෙහිය. එබැවින් ප්‍රමිතියක් නැතිව සිදුකෙරෙන මෙම කරවල ව්‍යාපාරය මෙම ස්ථානයෙන් ස්ථිරවම ඉවත් කරගැනීම ඔවුන් ‍ගේ එකම බලාපොරොත්තුවයි.