( 7.15 pm )ම්ගමුවේ කරවල නිෂ්පාදකයන් පසුගියදා කියා තිබුනේ අද සවස් වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදි ලුණු ප්‍රශ්ණයට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම් හෙට දිනයේ මිගමුව මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරන බවය.
එහෙත් අද සවස පැවැති සාකච්ඡාවේදි නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න කරවල නිෂ්පාදකයන්ට පවසා තිබුනේ දින 10ක් ඇතුලත ලුණු සැපයිමට විදිමත් වැඩපිළිවෙළක් සංවිධානය කරනු ලබන බවය.
එමෙන්ම දැනට ලුණු අවශ්‍යතාවය සපුරා ලිම සඳහා ලුණු ලබාගැනිමට ඇති හැකියාවන් ගැනද සොයා බලා රැස්විමට පැමිණ සිටි අයව දැනුවත් කර තිබුණි.
නියෝජ්‍ය ඇමතිවරයාගේ මැදිහත්විමේ ප්‍රතිඵලයක් ලෙස හෙට දිනයේ පැවැත්විමට නියමිතව තිබු උද්ඝෝෂණයද අවලංගු කර ඇතැයි වාර්තාවේ.