( 7.30 am ) මිගමුවේ ලෙල්ලමේ ජනප්රියම මසුන් අතර ලින්නා මාළු සදහා වැඩි ඉල්ලුමක් තිබේ. එහෙත් පසුගිය දිනවල ලින්නා මිළ නිරන්තරයෙන්ම පැවතියේ ඉහල මිළකය.
,
හොඳ ප්රමිතියේ ලින්නා කිලෝවක මිළ රු 600 කට වඩා වැඩි විය.
එහෙත් අද පිටිපන දූව ලෙල්ලමින් වාර්තා වන්නේ ලින්නා මිළ පහල බැස ඇති බවය.
හොඳ ප්රමිතියෙන් ලින්නා කිලෝවක මිළ රු 450 ක් පමණ වන බව එහි සිටින අපගේ ආරංචි මාර්ග දක්වා සිටිති.
මෙයට අමතරව ඇටවල්ලා කිලෝවක් රු 700 කටද සාලයා කිලෝවක් රු 300 කටද මිළ නියම වි ඇත.