කලපුවට ආදරය කරන අපේ මන්ත්‍රිවරු

0
124

මීගමුව මහනගර සභාවේ වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මන්ත්‍රිතුමාට කාලෙකට පස්සේ කලපුව මතක් වෙලා තිබුණා.අපරාධෙ කියන්න බෑ කරුණු එහෙම හොයාගෙන ඇවිත් කලපුවේ අගේ අපුරුවට තේරැම්කරල දුන්න.

මේකට සෙකන්ඩ් වෙන්න බැරි හින්ද කලපු පවුලකින් ඉපදුන අපේ ජේෂ්ඨ පුරවැසියත් කලපුව ගැන හුගක් පරිස්සෙමින් කථා කරලා තිබුනා.හරියට කලපුවේ බැහැල ඇවිදිනකොට බැරිවෙලාවත් කකුළුවෝ පෑෙගයි කියල බයට වගේ.

ඒයා කියන්නේ එයා තමයිලු මේ නගර සභාවේ ඉන්න මන්ත්‍රිවරු 26 දෙනාගෙන් කලපුවට වැඩියෙන්ම ආදරේ කෙනා.එයා විතරක්ම නෙමේ එයාට අනුව නම් ව්‍යපාරිකයෝත් කලපුවට හරිම ආදරෙයි. ඒත් මේ කලපුව වටේ ඉන්න කඩප්පුලි සාමාන්‍ය ජනයා තමයි කලපුව වනසන්නේ . කොටින්ම කියනවනම් කක්කම දාල කලපුවේ යට හෙන තලියක් තියෙනවලු.

ඒ හින්දම නගරධිපති තුමා මේ කඩප්පුලියෝ 3 දෙනෙක්ම උසාවි ගෙනිහින් හොද පාඩමක් ඉගැන්නුවලු. කලපුව ගැන කයිය ගහන කව්රුත් කාවවත් හිරේ දාල නෑලු , කලපුව විනාශ කළා කියල.

හැමදාම යෝජනාවල තියෙන වැරදි කොන් අල්ලල  ආණ්ඩුව  ගොඩ දාල දෙන කපිල මන්ත්‍රිතුමා කැලිසන් ජයකොඩි මන්ත්‍රිතුමාට උපදෙස් දුන්නා එදා ඉදන් කලපුව විනාශ කරපු ඔක්කොම අයට විරැද්ධයි කියල යෝජනාව වෙනස් කරන්න කියල

. අනේ ඉතින් අපේ කැලිසන් ජයකොඩි මන්ත්‍රිතුමා එහෙමයි කියල භාර අරන් එවෙලම වෙනස් කරල ඉදිරිපත් කළා.

දැන් නගර සභාවේ ඉන්නවනේ සිංහල බෞද්ධ චණ්ඩි මන්ත්‍රි කෙනෙක් එයත් නිකන් උන්නේ නෑ. ඇක්සයිස් පොත් ගැන විතරක් දන්න ඒ මන්ත්‍රි තුමා කියන්නේ කලපුව ගැන ලගදි ජනමාධ්‍ය වලට කථා කරල තියෙන්නේ තමන් ජන්දේ ඉල්ලන හින්ද බයට ජන්දේ ඉල්ලපු නැති විපක්ෂයේ හිටපු මන්ත්‍රි කෙනෙක් ලු. ඒ තමයි අපේ ඇක්සයිස් පොත් මන්ත්‍රිතුමාගේ කලපුව ගැන දැනුම.

අපරාධෙ  ඊයේ සභාවේ අදහස් ඉදිරිපත් කළ යුතුම දෙන්නෙක් හිටියා. ඒ තමයි ජල ව්‍යාපෘතියකට කියල පර්චස් 100 ක් කපන්න කියල කියපුවම අක්කර 08 ක් කපපු ඩන්ස්ටන් මන්ත්‍රිතුමයි  බන්දුල නාඔටුන්න මන්ත්‍රිතුමයි.

අපේ ඇන්ටනි ජයවීර නගරාධිපති තුමා ටත් අමතක වෙන්න ඇති කඩොල් අක්කර 8 ක් එයාගේ පක්ෂේ මන්ත්‍රිල දෙන්නෙක් කැපුව කියල. නැත්නම් එතුමා අනිවාර්යෙන්ම ඊයේ සභාවේදි ඒ ගැන සමාව ඉල්ලනව ෂුවර් මොකද එයා තමයි කලපුවට වැඩියෙන්ම ආදරේ කෙනා හින්ද,,??????

මොකද ගුරුගේට උනත් එයා බෝට්ටුවලින් යන්න අවසර දුන්නේ ගුරැගේල වගේ ව්‍යාපාරිකයෝ කලපුවට කඩොල් වලට ආදරේ හින්ද.

හැබැයි අපි  ඊයේ ගැලරියේ ඉදන් බලන් උන්නේ සේපාල මොරවක මන්ත්‍රිතුමා කියයි කියල අපේ ගර නගරාධිපති තුමා ගුරුගේ මැතිදුන්ට බෝට්ටු සංවාරවලට අවසර දුන්නෙම කලපුව බැකෝ දාල ඇල වල් හොරෙන් කපන කඩොල් ගස් හොරාට කපන එව්වෝ අල්ලන්න තමයි කියල.

මේ දවස්වල සිනි ටිකක් වැඩිවෙලා හින්ද මොරවක මන්ත්‍රිතමාට ඒක ෂුවර් එකට අමතක වෙන්න ඇති නැතිනම් එයාට ඔය වාගේ දෙයක් කියන එක සිම්පල් කේස් එකක්.