කලපුවේ මාළු අල්ලන්න යන්නත් ලයිසන් ගන්න වෙයි !

0
128

protest in lagoon

(12.10 pm ) රටතුල මතුව ඇති තත්වයන් හේතුකොටගෙන  දිනෙන් දින ගැනෙන ආරක්ෂිත පියවරයන් හමුවෙ ජනජිවිතයට විවිධ සිමාවන් පැනවෙමින් තිබේ.
සිදුවු අතිබිහිසුණු ඛේදවාචකයන් රැසක් පසුකරන ලද සමාජයක් ලෙසින් ජනයා මේ සියළු අපහසුතා දරා සිටිති.
පවතින ආරක්ෂක තත්වයන් හේතුකොට ගෙන දැන් මීගමුව කලපුවට මාළු ඇල්ලිම සදහා ධිවරයන්ට යන්නට සිදුව ඇත්තේ ඒ වෙනුවෙන් වු විශේෂ හැදුනුම්පතක්ද ලබාගෙනය.
කලපුව තුල විශේෂ සෝදිසි මෙහෙයුම් සදහා නාවික යාත්‍රා යෙදවිමට නියමිත බවද ධිවරයෝ පවසති.අධිවේගි මේ යාත්‍රාවන් හේතුකොට ගෙන තමන්ගේ දැල් ආම්පන්නවලට පසුගිය යුධ සමයේදි විවිධ ආපදා සිදුවු බවද ඔවුහු කියති.
මේ සියළු අපහසුතා අද වන විට දරන්නට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනයා වෙතය.
මුස්ලිම් අන්තවාදය රටතුලින් පිටුදැකිමට නම් මේ රටේ සාමාන්‍ය ජනයාට පැවරෙන වගකිම් අතිවිශාලය. එනම් මුස්ලිම් සාමාන්‍ය ජනයා මේ බිහිසුණු අන්තවාදය කරා තල්ලු කිරිමට හේතුවන කිසිදු පියවරයන් නොගෙන සිටිමය.
එහෙත් අවාසනාව වන්නේ ඇතැම් සිංහල අන්තවාදි කොටස් දැනටමත් ගෙනයන ජාතිවාදි ආගම් වාදි ක්‍රියාකාරම් නිසා රට තවත් බිහිසුණු අර්බුදයන් කරා ගමන් කරනවා හැරෙන්නට ඇතිවිය හැකි වෙනත් සෙතක් නම් නැති බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here