මිනිසුන් හට ජීවත් වීමට දෙවියන් විසින් මැවුවායයි කියනු ලබන, වචනයෙන් කියාගන්නට නොහැකි තරම් ආහාරමය හා ආර්ථික වටිනාකම් වලින් යුත් මෙම කලපු අම්මාව, ව්‍යාපාරිකයන් විසින් දූශනය කිරීමෙන් පසු දේශපාලකයන්ගේ වෙන්දේසියෙන් මිලදීගෙන, වැලි ජාවාරන් කරුවන් විසින් මස්කර සිල්ලරට විකණනු ලබද්දී, දෙවියන් වෙනුවෙන් දියුරුන් දී, යුක්තිය සාදාරණත්වය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිමින්, ජේසුව නියෝජනය කරමින්, හරි මග පෙන්වමින්, ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට ආ, පල්ලිවල අල්තාරය මත පමනක් හිද, දින පතා බණ පමනක් කියන A/C ජේසුලාගේ බණටද ඇහුන්කන් දී,
ඒ බන අහන්න යන සාමාන්‍ය ජනතාව දෙස බලමින් කදුළු සලමින් අවසන් ගමන් යන කලපු අම්මා මම නම්, මා ඔබගෙන් මෙසේ අසමි.
“දරුවනි මම අද
දුක්වන්නේ මා ගැන නොවේ, මා මැරුණු පසු නුඹලාට වන විපතක මහත මට දැනේ. ඒ වෙනුවෙන් මා අද දුක් වන්නෙමි. ඇත්තටම නුඹලාට ඇස් පෙනෙන්නේ නැද්ද? භය හිතෙන්නේ නැද්ද?”
අරුණ රොෂාන්