කලපු අම්මා ……

0
1786

කලපුව අපේ අම්මා නම්  ඒ අම්මගේ දරුවෝ තමයි ධීවරයෝ.
නමුත් දැන් ධීවර කර්මාන්තයේ යෙදෙන හැටි බලපුවහම
මේ දරුවෝ කීයෙන් කීදෙනක්ට ද ධීවරයෝ කියලා කියන්ඩ පුුලූවන් .ඒ අර්ථෙන් ගත්තම දැන් ධීවරයෝ නෑ.
ඉන්නේ කලපුව පාචිච්චි කරන්නෝ..
ඒ අය ධීවරයෝ විතරක් නෙමෙයි. සෞඛ්‍ය සම්පන්න පුරයක්  ගැන සිහින දකින ඒ වෙනුවෙන් කටයුතු කරන සංවේදි මිනිසුන්ට තමයි පුරවැසියෝ කියන්න පුලූවන්.
හැබැයි එ අර්ථයෙන් නම් මීගමුවේ පුරවැසියෝ ඉන්නේ කී දෙනාද…
නගරෙම  කුණු කලපුවට වගේ වගක් නැතුව එවන හැමෝමත් එහෙමයි.එහෙම ගත්තම කලපුවෙත් ඉන් පිටතත් ඉන්නේ කලපුව පාවිච්චි කරන අයයි.
කව්ද මේ පාචිච්චි කරන අය කියන්නේ
කලපුව රැකගන්න ,එය සංවර්ධනය කරන්න, එය සංරක්ෂණය කරන එක ජීවිතේ කොටසක් කරනොගත්තු එහෙම විණයක් නැති හැමෝම ගැන  කියන්න වෙන්නේ කලපුව පාවිච්චි කරන අය කියල තමයි.
හිත්වලට අමාරු වෙයි.
ඒත් කලපුවක් නැතිවෙන එක කොයි තරම් ආමාරුවක්ද…?

කලපුවේ පොලිතීන් අවුරුද්දකට සැරයක් වත් ගොඩ අදින එක නම් ලොකු දෙයක්.
ඒත් කලපුවට පොලිතීන් කෑල්ලක්වත් නොදමන විදියේ විනයක් ධීවරයෙක් තුල ගොඩ නගන එක ඊටත් වඩා ලොකු දෙයක්.

මීගමුව කලපුව කියන්නේ කලපු ධීවරයින්ගේ විතරක් නෙමෙයි මේ අවට ජීවත් වෙන හැමෝටම
වැදගත්  වන එකක්……….

කලපුව ඇත්තටම ආරක්ෂා කරගන්ඩ වැඩ කරනව කියල කියන්නේ එය සංරක්ෂණය කරන්න මැදිහත්වෙන එක ජීවිතේ කොටසක් කරගැනීමයි.
ඒ කියන්නේ ඒක  ජීවිතේ විලාසිතාව කරගත්තු අය,
අන්න එහෙම අය ගොඩනගන්න තමයි ඇත්තටම මහන්සි ගන්න ඕනා.
මේච්චර කාලයක් කොයිතරම් පිරිසක් කලපුව සම්බන්ධයෙන් වැඩ කරල ඇතිද
ඒ සඳහා කොයි තරම් නම්  වියදම් කරල ඇතිද..
ඒ වියදම් වල හැටියට නම් ලංකාවේ කලපු ඔක්කොම මේ වෙනකොට සංවර්ධනය වෙලා තියෙන්න ඕනා.
නමුත් ඇත්ත ප්‍රශ්ණයක් තියෙනවා මේ ගොඩක් වැඩ වලින් වෙලා තියෙන්නේ කව්රු කව්රුත් හිතහදාගත්තු එක තමයි. කලපුව පාචිච්චි කරන්නන්ගේ මානසිකත්වය වෙනස් කරල ඔවුන් එය සංරක්ෂණය කරන්නන් බවට පත් කරවීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලකට මුල නොපුරන තාක් අපට ඉතුරුවෙන්නේ වැඩ ගොඩක් විතරයි …. සුන්දර කලපුවක් නම් නෙමෙයි….

ඉතින් අපි කැමති වුණත් අකමැති වුනත් මේක තමයි ඇත්ත .කලපුවට ආදරය කරන අය වැඩිහිටියො අතරෙ හදන එක ඒ තරම් ලේසි කටයුත්තක් නම් නෙමෙයි. එයාල ගොඩ දෙනෙක් දැන් පරන ක්‍රමයට පුරුදු වෙලා ඒව දැන්  නහරගත වෙලා. හරියට කල් ඉකුත්වෙලා වගේ.
ඒ හින්දම වැඩිහිටියෝ අතරෙ එහෙම අය ගොඩනගා ගන්න උත්සාහ කරන අතරෙම ප්‍රධාන අවධානයක් දිය යුතු වෙනවා දරු පරම්පරාවට.
පුංචි උන් කියන්නේ ජීවිතේ හැඩය තාමත් අරගනිමින් ඉන්න උන්ට…..ඒ හැඩය එන්නේ ජීවිතේට එකතුවෙන සංකල්ප වලින් .
ඉතින් මේ සංකල්ප දෙන්න ඕනා වැඩිහිටි අපි……
කව්ද ඇත්තටම ඒකට ලෑස්ති.
අද මීගමුවට අවශ්‍යමවෙලා
තියෙන්නේ එවන් පුරවැසියන්
මේක තමයි ඇත්ත.
ඉතින් අපි සුදානම්ද…..?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here