කලපු ඉවුර ගොඩකලාට නීතියෙන් දඩුවම් නැද්ද ?

0
102

මගමුව -දූව හන්දියේ සිට පිටිපන දෙසට දිවෙන මාර්ගයේ කලපුව දෙසින් ඇති ගොඩබිම් තීරුවේ අනවසර බොරලු පිරවීමක් සිදුවී ඇති බව අප පෙබරවාරි 10 වනදා වාර්තා කළෙමු.
එම ස්ථානයේ තිබූ කඩොල් ගස් කපා දමා අනවරස ලෙස බොරලු පුරවා තිබූ අතර මේ සම්බන්ධයෙන් අප විසින් මීගමුව පරිසර පොලීසියෙන් ද විමසා සිටියෙමු. නමුත් පෙබරවාරි 10 වනදා වනවිටත්  මීගමුව පරිසර පොලීසිය මේ සම්බන්ධයෙන් දැන සිටියේ නැත. දැනගන්නට ලැබුණ ලෙස මේ සදහා ගමේ පිරිසක් විරෝධය පළ කර තිබු නිසා මෙහි ඉතිරි වැඩ නැවතුන බව වාර්තා වූවත්, අද අපට දකින්නට ලැබුණේ ඊට වෙනස් දර්ශනයකි. එනම්  කලපු ඉවුරේ  අනවසරයෙන් දමා තිබූ බොරලු ගොඩවල් හොදින් තුනී කර ,එම ස්ථානයේම බිම  මට්ටම් කර  සකස් කර ඇති ආකාරයකි. මෙහි පෙනෙන පරිදි නම් එම ස්ථානය යම් කිසි පරිහරණයකට සරිලනසේ සකස් කර තිබුණි.
මෙහිදී මතුවන පළමු ගැටළුව වන්නේ මෙම නීති විරෝධි ක්‍රියාව කළ පුද්ගලයාට එරෙහිව තවමත්, කලපුව සම්බන්ධව බලතල ඇති කිසිදු ආයතනයකින්, ප්‍රා.ලේකම් කාර්යාලයෙන්, හෝ පරිසර පොලීසියෙන් පියවරක් ගෙන නොතීබීමයි. එක් අතකින් මෙය නීති විරෝධී ක්‍රියාවක් වන අතර පරිසර විරෝධී ක්‍රියාවකි. පිටිපන ලෙල්ලම ආසන්නයේ සිටම මෙම කලපු ඉවුරේ කඩොල් කපා යම් යම් පරිහරනයන් සදහා බොරලු පුරවා තිබෙනු දක්නට ලැබේ. මෙම ඉවුර පුද්ගලික පරිහරනය සදහා  දූව ප්‍රදේශයේ පාරේ අනෙත් පැත්තේ සිටින ව්‍යාපාරික්යන් බව ද පෙනෙන්නට තිබේ. කෙසේ හෝ මේ ඉවුරේ ඉදිකිරී්ම් සිදුවුවහොත් කලපු පරිසරයට අවශ්‍ය පාරසරික ආරක්ෂාව සහ පැවැත්ම  විනාශ වන බව නම් ස්ථීරය. දැනටත් වඩා කුඩා ගගට කුණූ අපද්‍රව්‍ය එකතු වන බව නම් ස්ථීරය.
මේවා ගැන සොයන්නට මීගමුවේ ඇති කිසිම කලපු හෝ පරිසරය සම්බන්ධ ආයතන පියවරක් ගනු ඇතැයි විශ්වාස කළ නොහැක.
අවස්ථාව තිබියදීත් විපක්ෂයේ ක්‍රියාධරයින් මෙවැනි දේ සදහා ක්‍රියාශීලි වීමට කල් ගන්නේ ඇයි ද යන්න ද ගැටළුවකි.
කෙසේ හෝ මෙම කලපු ඉවුරේ ඇති ගොඩකිරීම දැන් සාමාන්‍ය දෙයක් වීගෙන එන බව නම් පැහැදිලිය.10965313_866043163418276_715126236_n