කලපු තහනමෙන් වෙච්ච පාඩුව ගෙවන්නේ කවදාද ?

0
126

ගිනි ගත් නැවෙන් මිගමුව කලපුවට සිදුව විය හැකිව තිබුන බලපෑම ගැන සලකා බලා රජය විසින් දැනට සති 3 කට පමණ සිට මිගමුවේ කලපු ධිවරයන්ට කලපු යැම රජය විසින් තහනම් කිරිමත් සමගින් කලපුවෙන් ජිවත් වන විශාල පිරිසකට බරපතල පාඩුවක් සිදුව තිබුණි.

අද මිගමුවට පැමිණ සිටි ධිවර කටයුතු භාර ලොකු ඇමති මෙන්ම පොඩි ඇමතිද දැනුම් දි තිබුනේ දැන් කලපු යන්නට අවසර ඇති බවය.
මතුවෙන ඇත්ත ප්‍රශ්ණය වන්නේ යන්නට එපා යැයි කියු දා පටන් කලපු ධිවරයන්ට සිදුව ඇති පාඩුව ගෙවිමට රජය බලාපොරෝත්තු වන්නේ නම් ඒ කවදා සිටද යන්නයි
මුහුදු ධිවරයන් විසින් අද මිගමුවේ පැවැති රැස්විමේදි දිනකට රු 4000 ක මුදල් වන්දියක් ඉල්ලා සිටි අතර පසුව එය රු 2000 කට අඩුකරගැනිමට ධිවර සංවිධාන නියෝජිතයන් අතර එකඟතාවයකට පැමිණ බව රැස්විමට එක්ව සිටි නියෝජිතයෙකු මිපුරට පවසා සිටියේය.

දැන් මතුවෙන ඇත්ත ගැටළුව වන්නේ මුහුදු යන්නට එපා යැයි දින සිට මිගමුවේ මුහුදු ධිවරයන්ට ඒ අදාල වන්දි මුදල් ලබාදෙන්නේ කවදාද යන ගැටළුවයි.

ඒ සදහා පැහැදිලි පිළිතුරක් අද මෙම හමුවට පැමිණ සිටි ධිවර ඇමති දෙදෙනාගෙන් කිසිවෙකුත් පවසා තිබුනේ නැත.
ඔවුන් කියා තිබුනේ ඒ ගැන ජනාධිපතිවරයාව දැනුවත් කරන බවය.

සමාන්‍යයෙන් දේශපාලකයන් විසින් දෙනු ලබන පොරොන්දු ගැන හොදම අවබෝධයක් ඇති ජනතාව දැන් බලාසිටින්නේ මේ රැස්විමද නමට පමණක් වු එකක් බවට පත්වේදෝයි කියාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here