කලපු විනාශයට දේශපාලකයන් වගකිව යුතුයි ! මෙන්න සාක්ෂි ! ඇමති ලංසාල කලපුවේ හදන්න ගිය හෝටලය ?

0
269

grandiza-laggon-filling-මේ දිනවල මීගමුව කලපුව කඩොලාන පරිසරය ගැන දැවැන්ත සංවාදයක් මිගමුවේ මෙන්ම රට තුල ද මතුව ඇත. එයට හේතුව වි ඇත්තේ ලාභය පමණක් මුදල් කොට ගෙන ක්‍රියාත්මක වන දේශපාලකයන් මෙන්ම ධනකුවේරයන් නිසා මිගමුව කලපුවට සිදුව තිබෙන හානියයි.
පරම්පරා ගානක් මේ කලපුවෙන් ජිවත් වු පාරම්පරික කලපු ධිවර පවුල් දැන් සිදුව ඇති විනාශය හේතුවේන කලපු රැකියාවෙන් ඉවත්වු ජිවත් විම සදහා එක්කෝ කුලි වැඩ කරති.එසේ නැතිනම් ඉදිආප්ප තම්බති.
මිගමුවේ  අද පැවැති පුවත් පත් සාකච්ජාවකට එක්ව සිටි පිටිපන කට්ටුදැල් සමිතියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන ජොශප් පිටර් කියා සිටියේ වසර 40 ක් තමන් කලපුවෙන් ජිවත් වුවද දැන් එහි සිදුව ඇති විනාශය නිසා ජිවත්විම සදහා ඉදිආප්ප තම්බන බවය.
ඔහු සිය අදහස් ඉදිරිපත් කර සිටියේ මිගමුවේ දේශපාලකයන් වෙතය

 

ඒ චෝදනාව කොයිතරම් නම් නිවරදිදැයි අපට හැගෙන්නේ 2014 රාජපක්ෂ පාලනය පැවැති සමයේ මිගමුවේ ප්‍රබල දේශපාලකයෙකු වු නිමල් ලංසා මිගමුව කුරණ ප්‍රදේශයේ පිහිටි තමත්ද හවුල් ග්‍රැන්ඩිසා හෝටලයේ කොටසක් කලපුව තුලද ඉදිකිරිමට ක්‍රියාකිරිම තුලය.2015 දි යහපාලන රජය බලයට පත්විමත් මාධ්‍ය මැදිහත්වි ක්‍රියාත්මක විමත් නිසා නිමල් ලංසාට කලපුව තුල සිදුකරන්නට ගිය විනාශය නවතා දැමිමට සිදුවිය.මෙම හෝටලය අයිතිය ආරම්භයේදි තිදෙනෙකු වෙත විය.
එක් අයෙකු නිමල් ලංසාය. අනෙක් තැතැත්තා වුයේ නිමල් ලංසාට සහ බැසිල් රාජපක්ෂලාට බොරළු සපයා කෝටිපතියෙකු වු බොරළු සමන්තය. අනික් කෙනා වන්නේ ගැලිසන් ව්‍යාපාරය හිමි ඩන්ස්ටන් ගොළුහේවාය.

අප ඒ පිලිබදව එදා තැබුවේ මෙවන් සටහනකි.

කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් මීගමුව කලපුව දක්වා එහි ගොඩනැගිලි ඉදිකිරිමට රු මිලියන  ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට යෙදුන හෝටලයේ කොටස් කිපයක් කඩාඉවත්කර දමන්නට පසුගිය කාලය තුල සිදුව තිබුණි
මෙසේ ඉවත් කෙරුනේ මීගමුවේ කලපුවේ ඉදිකරන්නට යෙදුන දැවැන්ත කුළුන කීපයකි.
මේ හෝටලයේ හිමිකරුවන්ගේ සැලැස්ම වන්නට ඇත්තේ කලපුව මත ඉදිකළ දැවැන්ත කුළුණ මත  හෝටලයේ තවත් කොටසක් ඉදිකරන්නටය.
මේ නීතිවිරෝධි ඉදිකිරිම් ගැන දිගින් දිගට ඡායාරූපද පලකරමින් මීපුර වෙබ් අඩවිය සිදුකරන්නට යෙදුන හෙළිකිරිම් හමුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් නියෝගයන් අනුව යමින් මේ සියළු ඉදිකිරිම් මෙ වන විට කඩාඉවත්කර දමන්නට නිමල් ලංසා ඇතුළු මෙහි හිමිකරුවන් හට සිදුව තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ රාජපක්ෂ පාලනය කිසිදු පෙරළා දමන්නට නොහැකි වන බවය.
ඒ නිසාම කිසිදු බිය සැකයකින් තොරව රුපියල් මිලියන ගණනක් වැය කරමින් මේ ඉදිකිරිම් කර තිබුන බැව් පෙනේ.