කලපු විනාශය පිළිබඳව කරවල නඩුවේදී බරපතල හෙළිදරව්වක් !

0
94

dry fish
පිටිපන කලපුව ආසන්නයේ ජීවත්වන ගම්වාසීන් සහ කරවල වාඩි කරන අය අතර විභාග වන නඩුවේ ඊයේ දින සැසි⁣වාරයේදී දෙපාර්ශවයෙන්ම අදාල කරුණු කිහිපයක්ම ඉදිරිපත් කෙරින .ඉන් ප්‍රධාන කාරණයක් ලෙස ඉදිරිපත් වූයේ කරවල වාඩි කරුවන් පොරොන්දුවූ
අපජලය පිරිපහදු කොට කලපුවට මුදාහැරිමට පියවර ගෙන තිබුනද  ඒවායින් මුදාහැරෙන වතුර පිරිසිදු බව මහජන ⁣සෞඛ්‍ය පරීක්ෂකවරු අදහස් ඉදිරිපත් කළද, ජලසම්පාදන මණ්ඩලයේ පරීක්ෂණයට අනුව මෙම වතුර අපිරිසිදු බව මෙහිදි හෙළිකරන්නට යෙදුණි.
එසේම මේ සඳහා කරවල වාඩි වල අනවසරයෙන් කලපු භූමිය යොදාගෙන ඇති බවද ගම්වාසීන් පෙන්වා දී ඇත . මේගැන නිවැරදි වාර්තාවක් මීලඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක්ද කල අතර මීලඟ නඩුව දෙසැම්බර් 3දින තෙක් කල් දමන ලදී .මෙහිදී මතුවන ප්‍රශ්ණය වන්නේ මෙ⁣තෙක් වතුර පිරිසිදු කිරීමේ යන්ත්‍ර නොතිබියදී කලපුවට මුදාහරින ලද අප ජලය කොතරම් අපිරිසිදු ද? යන්නයි.එසේ නම් එයට වගකිවයුත්තේ.කලවරල වාඩිකරුවන් පමණක් නොව අදාල රාජ්‍ය බලධාරින්ටද ඉන් ගැලිවිමක් නැත.