කලබලකාරී ලෙල්ලමේ අව පැහැගත් පදික මාරුව.

0
217

IMG-20200205-WA0034

මීගමුව , පිටිපන ප්‍රධාන මාළු ලෙල්ලම් දෙක අතර ඇති පදික මාරුව නිසිලෙස භාවිතා වන්නේද ? යන්න ප්‍රශ්ණයක් ලෙස පවතී. මෙය අවපැහැ ගැන්වී ඇති අතර ජනතාවට මේ ස්ථානයේ පදික මාරුවක් පිළිබඳ හැඟීමක් වත් නැත .
එක් පැත්තක ඇති මීගමුව සමූපකාර මහ ලෙල්ලමත්, පිටිපන මීසම් මහ ලෙල්ලමත් අතරත් පාර මාරුවීම සඳහා ඇති මෙම පදික මාරුව මේවනවිට නිසි නඩත්තුවක් නැති අතර එකිනෙකා ගැටෙමින් කහඉර මත ගමන් කරන ආකාරය දැකගත හැක .
මෙහි තද කලබල කාරී බවක් දක්නට ඇත්තේ උදේ වරුවය. විවිධ කටයුතු එනම් මාළු ඔසවාගෙන යන අය, මාළු මිලදී ගන්නා අය, වෙළඳ මහතුන් කඩිමුඩියේ අදාල කටයුතු වල නියැලෙති. එසේම රැකියාවන් සඳහා සහ වෙනත් කටයුතු සඳහා වාහන වලින් යන අය ඉක්මනින් තම ගමන යාම අරමුණු කරගෙන එන අතර සමහර විට මෙහි වාහන තදබදය විසින් ඔවුන්ගේ ගමන අඩාල කරති. එවිට කෑකෝ ගැසීම්, මැසිවිලි , බැනඅඬ ගැසීම් නිතර අසන්නට දකින්නට ලැබේ. මෙවැනි පරිසරයක් තුළ ඊට විකල්පයක් අවශ්‍ය බවට විවිධ අදහස් ඉදිරිපත් වෙති.
එසේ තිබියදී දැනට පවතින මෙම පදික මාරුව නිසි භාවිතාවකට නොගැනීම ගැටළුවක් බව කිවයුතුය . එබැවින් නැවත මෙය පිළිසකර කර මේ සඳහා ජනතාව හුරු කරවීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව අප අදාල බලධාරීන්ට අවධාරණය කරන්නෙමු .