කල්පනාවෙන් , රටබඩු කියල වැඩි ගණන් දීල ඔයාල බොන්නෙත් හොර විස්කිද ?  

0
20

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් පසුගිය දිනක ) එම වැටලීම සිදුකර තිබුණා.

එහිදී අනාවරණය වී තිබුණේ දිගුකලක් තිස්සේ එම නීතිවිරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් ඇති බවයි.

එම වැටලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර 2ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ද සොයාගෙන තිබෙනවා.

බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය කාලය පුරාම විවිධ උත්සවයන් සදහා විදේශිය මත්පැන් භාවිතය වැඩිවිමේ ප්‍රවණාතවයක්ද පැවතුණි. ඒවායේ මිළ ගණන් පවා පැවැතියේ වෙනත් විදේශිය මත්පැන් වලට සාපෙක්ෂව අඩු මිළකය.

ඉන් කියැවෙන්නෙ ලංකාව තුල මෙසේ අලෙවි වන විවිධ වර්ග වල විදේශිය මත්පැන් ව්‍යාජ ලෙසින් නිෂ්පානය කරනු ලබන ඒවා බවද ?