කලාකරුවන්ගේ ජනහමුවට නිල් බලකායෙන් ප්‍රහාරයක්

0
199

අද පෙරවරුෙව්දී  කුඹුක්ගැටේ මංසන්ධියේදී  “අලුත් පරපුර” විසින් සංවිධානය කළ “මුලාවෙන් මිදෙමු” ජන හමුවට
පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කරමින් එහි සිටි කලාකරුවන්ට ප්‍රහාරයක්  එල්ල කර තිබේ. වාර්තා වන අන්දමට  පුද්ගලයන් 150 ක පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.  එම ස්ථානයේ  වඑම වැඩසටහනට සහභාගීවමින් සිටි   ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, උදය ධර්මවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මණුවර්න, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ආදී ජනප්‍රිය කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසකට ගල් මුල් රැගත් මැරයන් පිරිසක් දිගින් එසේම රැස්ව සිටි පිරිසට මරණ තර්ජන එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරී තිබේ. මෙම මැර ප්‍රහාරයට  සම්බන්ධව පෙරමුණ ගෙන ඇත්තේ   එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික විසින් බව වාර්තා වේ. ඔහුත් සමග පැමිනි නිල් බලකායේ ටී ෂර්ට් වලින් සැරසුණු 150ක පමන පිරිසක් මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.

10301421_798348683570226_8858404774632607254_n