කලාකරුවන් ඇගයීමේ ‘කලාකරු සුවදම් ‘ වැඩසටහන

0
480

සංසකෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියගේ සංකල්පයකට අනුව කලාකරු සුභසාධනය උදෙසා ඇරඹූ වැඩසටහනක් වන කලාකරු සුවදම් වැඩසටහන 2018.01.09 සහ 10 දිනයන් තුළ මීගමුව ප්‍රාදේශිය ලේකම් ඒ.කේ.ආර් අලවත්ත මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් ශානිකා ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කර , මේ වන විට ජීවිතයේ සැඳෑ සමග ගෙවන්නා වූ, කලාකරුවන්ගේ වාසස්ථාන වෙත ගොස් , ඔවුන්ගේ සුව දුක් විචාරමින් සහ ඔවුන්ගේ අනාගත කලා කටයුතු උදෙසා ලබා දිය හැකි පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙම වැඩ සටහන මගින් සිදු කෙරුනි. 20180109_154751