කලාපය වැසේ,ගම්වලට යන ලෙස කම්කරුවන්ගෙන් හමුදාව ඉල්ලයි.

0
118

නිදහස් වෙළඳ කලාපය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවත් නේවාසික කම්කරුවන් සියල්ල හැකි ඉක්මනින් සිය ගම්බිම්වලට යන ලෙසත් ඉල්ලමින් අද දිනයේ අමන්දොළුව  හා අවට  ප්‍රදේශවල ගබ්ද විකාශන යන්ත්‍ර මගින් හමුදාව දැනුම් දි ඇතැයි අපගේ ආරංචි මාර්ග  පවසා සිටි.මේ නිසා ඒ ප්‍රදේශයේ කම්කරුවන් අතර යම් නොසන්සුන්තාවක්ද හටගෙන ඇත.හේතුව ඔවුන්ගේ මාසික වේතනය තවමත් ඔවුන් වෙත ලැබි නොතිබිමයි.

කම්හල් වැසිමේ  පුවත නිවරදි නැතැයි ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයක් මේ අතර මාධ්‍යවල ප්‍රචාරය වන්නටද පටන්ගෙන ඇතැයි වාර්ථාවේ.

මේ අතර අප කළ විමසුමකදි වෘත්තිය සමිති ක්‍රියාධරයෙකු අප හා පවසා සිටියේ රජයේ මෙම මෙහෙයුම රාගම රෝහලේ ආසාධ්‍ය තත්වයෙන් පසුවන රෝගියාගේ ජිවිතය යම්අනතුරකට පත්වුවහොත් ඇතිවිය හැකි තත්වය පාලනය කිරිමේ පෙර සුදානමක් බවය.

වාර්ථාවන වන අන්දමට ඔහුගේ ජිවිතය රැදි තිබෙන්නේ හෘදය ක්‍රියාත්මකව තබන මැෂිමක ආධාරයෙනි.