කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?

0
50

හිටපු මීගමුව කලාප අධ්‍යාපන   අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙ‍යේ
නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට  වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ සේවය බලාපොරොත්තුවෙන් ඔහු වෙත ගිය පුද්ගලයින්ට  එහි අධ්‍යක්ෂකවරයා  විණය විරෝධී ලෙස සිය කෝපය ප්‍රදර්ශනය කළ බවට චෝදනා කරන  ගුරුවරුන් මෙන්ම කලාකරුවෙකුද පසුගියදා අපට අදහස් දැක්වීය. මෙම

අධ්‍යක්ෂකවරයාගේ මාරුවීමටද මෙවැනි සිදුවීමක් බලපාන්නට ඇති බව  ද එම ක්ෂේත්‍රෙය්
කතා බහට ලක්වී තිබේ. එනම් කටා‍න ආසනයේ පාසලක තිබූ උත්සවයකට මෙම අධ්‍යක්ෂකවරයා සහභාගී වී ඇති මොහොතක සිදුවූ සිදුවීමකි. එම උත්සවයේදී පාසලේ දරුවන් විසින් නාට්‍යක් රගදක්වා ඇත. මෙම අධ්‍යක්ෂකවරයා එම ස්ථානයට යන විට එම නාට්‍ය ආරම්භ වී තිබී  ඇත. මේ පිලිබදව උරණ වූ අධ්‍යක්ෂකවරයා  එම පාසලේ විදුහල්පතිවරයාට
දොස් පවරා එම නාට්‍ය නැවත ආරම්භ කර අලුතින්ම පෙන්වන ලෙස බලපෑම් කර තිබේ.
ඒ අනුව එම නාට්‍යය නැවතත් අලුතින් ආරම්භ කර පෙන්වීමට සිදුව ඇත.

මෙම අවස්ථාවේදී එම උත්සවයට කටාන ආසනයේ ප්‍රධාන දේශපාලන තනතුරු දරන නායකයන්ද සහභාගීවී සිට ඇති අතර මෙම සිදුවිම  අධ්‍යක්ෂකවරයාට මීගමුව කලාපයෙන් මාරුවීමට බලපෑ ආසන්න හේතුව විය හැකි බව එම ක්ෂේත්‍රෙය් නිලධාරීන් සැක පහළ කරති.