කලාවෙන් හා සාහිත්‍යයෙන් ආධ්‍යාත්මික පෝෂණයත් ලබා ගත හැකියි. – ජයලත් මනෝරත්න

0
115

කලාව සාහිත්‍ය අපේ ජීවිතවලට අවශ්‍ය සතුට එකතු කරගන්නට පමණක් නොව අපේ අධ්‍යාත්මික පෝෂණය සඳහාත් කලාව හා රසවින්දනය හා සාහිත්‍ය මහත් සේ උපකාරිවන බව ප්‍රවිණ කලාකරු ජයලත් මනෝරත්න මහතා පැවසීය. ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ වෙන්නප්පුව ප්‍රාදේශිය කලා කලාමහෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් කල දේශණයේදිය. වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා අපේ ජීවිත ඉදිරියට ගෙනයන්න ආහාර පාන මිල මුදල් අවශ්‍යයි, නමුත් ජිවිතයක් සම්පූර්ණ වෙන්න මේ දේවල් විතරක් මදි අපේ ජීවිත වලට අධ්‍යාත්මික පෝෂණේකුත් අවශ්‍යයි හොඳ ජිවිතයක් ගෙන යන්නට නම් ඒකට ආගම පැත්තෙන් විශාල මෙහෙයක් කරනවා. නමුත් ඒ හා සමානාවම අපි තවමත් හරිහැටි හඳුනනොගත්තු මේ කලාව රසවින්දනය හා සාහිත්‍ය තුලිනුත් අපිට විශාල අධ්‍යාත්මික පෝෂණයක් ලබා දෙනවා. නමුත් අපේ ජනතාව මේ කලාව සාහිත්‍ය අපේ ජිවිත පෝෂණයට කෙලෙසද දායක කරගන්නේ කියලා හඳුනා ගෙන නැ. සංගිතයට පොතකට චිත්‍රපටයකට පුලුවන් අපේ සිත එක තැනකට ගේන්න අපේ සිත සන්සුන් කරන්න හොඳ ආදර්ශයක් ගන්න ඒත් අපේ සමාජය තවමත් ඒකට සුදානම් නැ අද මේ රැස්වෙලා ඉන්න බහුතරයක් වන පාසැල් දරුවන් තමා අපේ අනාගතය, ඒ දරුවන්ට පුලුවන්නම් මේ කලාව සාහිත්‍ය රසවින්දනය කෙලේසද අපේ ජිවිත පෝෂණයට වැදගත් වෙන්නේ කියලා හඳුන ගන්න අපේ සමාජය අනාගතයේදි ගොඩාක් යහපත් වේවි.ගුණගරුක වේවි යනුවෙන් පැවසිය. වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු. සුජීවා ප්‍රනාන්දු මහත්මියගේ මග පෙන්වීමෙන් පැවති මෙම උත්සවයට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ආගමික නායකයන් රාජ්‍ය නිළධාරින් හා විශාල පිරිසක් එක්ව සිටියහ.

14695503_1344311045611625_5099294894948454673_n

චන්දන ප්‍රනාන්දු