කව්ද ඇත්ත කියන්නේ -ගුරුගේ ද ? නගරාධිපති ද ?

0
378

Negombo-News මෙි දිනවල ඉතා අලංකාර අන්දමෙන් සැකසෙමින් ඇති මීගමුව කලපුව ආසන්නයේම වන ජැටියකි. හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියට අනුුබද්ධිතව ජයිකා ජපන් ආධාර යටතේ මෙය  ක්‍රියාත්මක බැව් පැවසෙන දැන්වීම් පුවරුවක්ද  ඒ සමිපයේම වෙයි.

දැනට මෙහි ගුුරුගේ නම් ව්‍යාපාරිකයා සංචාරකයන් සදහා සුපිරි බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන අතර මේ සේවාව සදහා ප්‍රවේශපත් නිකුත් කිරිමට දැකුම්කළු කාර්යාලයක් මෙහි තනා ඇත.

එමෙන්ම මේ ව්‍යාපාරිකයාගේ ව්‍යපෘතියක් යැයි සදහන් දැන්විම් පුවරුවක්ද මෙහි වන අතර එහි සිංහල භාෂාෙවන් ඇති කොටසේ ගුරුගේට අනුබද්ධිතයි යන කොටස මකා දමා ඇත.

කෙසේ වෙතත් අප වාර්ථා කළ පරිදි ගුරුගේ ව්‍යාපාරිකයාට හැමිල්ටන් ඇලේ සංවාරක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාමට මාස 6 ක අත්හදා බැලිම් කාලයකට යටත්ව නොමිලේ ලබාදි තිබුණි.

එහෙත් හැමිල්ටන් ඇලේ දිනපතා එහා මෙහා යන ධීවරයන් පවසන්නේ ගුරුගේ ක්‍රියාත්මක වන්නේ ලබාදි ඇති අවසරයට පිටින් බවය.එනම් ඔහු ඇලේ යනවා වෙනුවට යන්නේ කලපුවේ බවය..

මේ කරුණු අරභයා අපට මතු කළ යුතුව  ඇති වැදගත් කරුණක් වන්නේ දැනට සතියකයට පමණ ඉහතිදි මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා විසින් විශේෂ දැන්විම් පුවරුවක් මෙහි සවි කර තිබිමයි.

එයට අනුව මෙය කට්ටුදැල් ධීවරයන්ගේ ඔරු නැවත්විමේ තොටුපළකි.කිසිදු පුදගලික ව්‍යාපාරිකයෙකුගේ  දේපොලක් නොවේ.

මීගමුව නගරාධිපතිවරයා මෙසේ විශේෂයෙන්ම දැන්විමක් පළ කරන්නේ ඇයි ?සමාන්‍යයෙන් අපේ දේපලක් තර්ජනයකට ලක්ව ඇත්නම්  තර්ජනයට ලක්විමේ අවධානයමක් ඇත්තේ නම්  එහි අයිතිකරුයන් සිය අයිතිය යළි තහවුරු කර සනාථ කිරිම සදහා මෙසේ විශේෂිත දැන්විම් පළ කරති.

ඒ අනුව මෙය කාගේ දේපලක්ද??

මේ දේපොල ගුරුගේ විසින් දැනට සිය ව්‍යාපාරික කටයුතු සදහා යොදාගනු ලබන්නේ නගර සභාවේ අවසරකින් තොරවද?

එසේ නම් එවැනි අවසරයක් ලබාගෙන ඇත්තේ කවදාද?

මේය කට්ටුදැල් ධීවරයන්ගේ  තොටුපල නම් එය ව්‍යාපාරිකයෙක් හට පරිහරණයට ඉඩ දි ඇත්තේ කට්ටු දැල් ධීවර සමිතියේ  දැනුවත් භාවය මතද?

නගරාධිපතිවරයාෙග් විශේෂ දැන්විම් පුවරුව විසින් මතු කර සිටින්නේ දැනට තිරයට පිටු පසින් ක්‍රියාත්මක කිසියම් ප්‍රබල හස්තයක මෙහෙයවිමෙන් ඇති ව්‍යපෘතියක් ගැනද ? නගරාධිපති ඊට අකමැති බවද ?