කවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුට

0
175

කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ  හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

මියගොස් ඇත්තේ කාරියවසම් ලොකුගමගේ එසදි අයන්සා නැමති ඔඹරහෙනගෙදර, අතුලවිල හොරන්ගල්ල තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි දැරියකි.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික  හදිසිමරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනු ලැබිය.
ada.lk