මීගමුව මහා නගර සභාවට අයත් කසල, අපද්‍රව්‍ය එකතු කරන ට්‍රක් රථයක් එම කසල අපද්‍රව්‍ය සමගම පෙරලී යාමෙන් අද (11/02/2025) උදෑසන මීගමුව ,පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි සෞඛ්‍ය අංශ සේවකයෙකු බරපතල තුවාල ලබා, මීගමුව මහා රෝහලට ඇතුලත් කර ඇතැයිද වාර්තා වේ. එමෙන්ම මෙම අනතුර හේතුවෙන් එම ට්‍රක් රථයේ සිටි තවත් සෞඛ්‍ය අංශ සේවකයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා සීටි.
වාර්තා වන පරිදි මෙම ට්‍රක් රථය මීගමුව පෙරියම්මුල්ල ප්‍රදේශයේ කසල එකතු කරමින් පෙරියම්මුල්ල, මඩු මාවතේ කෙළවරට පැමිණෙමින් සිට ඇත . ට්‍රක් රථය දුම්රිය මාර්ගය ආසන්නයට පැමිණෙනවාත් සමඟම ට්‍රක් රථයේ රියදුරු තිරංග (බ්‍රේක් ) තද කරන මොහොතේ මෙම රථය පෙරළී ඇතැයි වාර්තා වේ. ප්ලාස්ටික් උණුසුම් බෝතලයක් ට්‍රක් රථය පැදවූ රියදුරුගේ කකුල් දෙක ආසන්නයේ තබා තිබූ බවත් වේගයෙන් පැමිණි ට්‍රක් රථයේ තිරංග තද කරන මොහොතේ රියදුරුගේ පාදයට උණුසුම් බෝතලය ගැටි මෙම අනතුර සිදුවී ඇතැයි එම අවස්ථාවේ, එම ස්ථානයේ සිට මෙම අනතුර දුටු අයෙකු ප්‍රකාශ කලේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ සෞඛ්‍ය අංශ සේවකයා ගිලන් රථයක් මගින් මීගමුව රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා ලදී.
රේමන්ඩ් අපෝන්සු